මුක්ටාඩා අල් සදර් | Muqtada al-Sadr – Bio Map with Chamara Sumanapala

September 12, 2022

ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 63 වන වැඩසටහන.. අද අප සාකච්ඡා කරන්නේ ඉරාකයේ ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් වන මුක්ටාඩා අල් සදර් ගැනයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.