නාග ගෝත්‍රිකයන්

December 10, 2021

ඉන්දියාවේ නාග නමින් ගෝත්‍රයක් සිටියි. ඔවුන් වත්මන් ඉන්දියාවේ නාගලන්තයේ මූලික වශයෙන් ජීවත් වන අතර යාබද මනිපූර් සහ අරුනාචල් ප්‍රදේශ් හිද දැකිය හැක. ඊට අමතරව නාගලන්තයට නැගෙනහිරින් මියන්මාරයේද නාග ගෝත්‍රිකයන් සුළු පිරිසක් වාසය කරයි. නාග ගෝත්‍රිකයන් යැයි මෙම ජනතාවට තනි පදයක් යෙදුණත්, ඔවුන් විවිධ ගෝත්‍ර වලට අයත් වේ.

ඔවුන්ගේ භාෂාවන්හිද විවිධත්වයක් තිබේ. යටත් විජිත සමයේදී ක්‍රිස්තියානි මිෂනාරි කටයුතු හේතුවෙන් මෙම ජනයා එම ධර්මය වැළඳ ගත් අතර එම මිෂනාරින් විසින් ඔවුන්ට ලතින් අක්ෂර හෝඩිය හඳුන්වා දී අධ්‍යාපනය ඛෙහෙවින් දියුණු කෙරිණි. වර්තමානය වන විට නාගලන්තයේ සාක්ෂරතාවය 100%ක් වන්නේ යැයි සැළකේ.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය – https://elearning.lk/blog/nagaland-incident

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...