පිළිකාවට‌ ‌අභියෝග‌ ‌කළ‌ ‌Nightbirde

හිනාවකට කදුළු කැටයකට පුළුවන් අපේ ජීවිතේ ඉදිරි පිම්ම මොන වගේද කියලා තීරණය කරන්න. අපි ජීවිතේ යම් හේතුවක් නිසා යම් තැනකදී මානසිකව වැටෙන්න පුළුවන්. ජීවිතේ කියන්නේ ඊළග මොහොත ගැන විනිශ්චය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ හිනා වෙලා ඉන්න ඔබ ඊළග ක්ෂණයෙන් විශාල දුකක් විදින්න පුළුවන්. හැබැයි ඒ කිසිදෙයක් මත වැටීමක් හෝ විදවීමක් හෝ කලකිරීමක් සිදු වුවද ඒ දේ අවබෝධ කරගෙන පෙරට වඩා ජවයකින් ඉදිරියට එන්න අපි මේ අළුත් අවුරුද්දේදී සිහියට ගන්න අවශ්‍යයි.

අධික වෙහෙසකාරී අවස්ථාවකදී මා හට අසන්නට ලැබුණු රූපවාහිනි පුවත් වැඩසටහනක් මගේ සිත සසල කරන්නට වුණා. “ ‘Nightbirde’ Jane Marczewski scores America’s Got Talent golden buzzer with stunning performance “.

ඔන්න ඉතින් මං අන්තර්ජාලය පුරා මේ ගැන හොයන්න ගත්තා. ඉන්න ටිකක්. මං හෙ‍ායාගත්තු තොරතුරු මගේ පාඨකයන් වෙත කියන්න ඕනෙමයි කියලා හිතුනු නිසා මේ විදියට ගෙන්න හිතුනා.

පොඩි ප්‍රශ්නයකදී අපි මාර විදිහට වැටෙනවානේ ඉතින්. පාඩම් කරන එක අතහරිනවා, වස බොනවා,කෝච්චියට පනිනවා. එහෙම නැත්තං කඹයක හරි පිහිට පතනවා. අන්න ඒ නිසා NightBirdeගේ කතාව ඔයාලාට හො‍ද පණිවිඩයක් කියලා දෙන බව මට විශ්වාසයි.

NightBirde යන වේදිකා නාමයෙන් හඳුන්වන්නේ Jane Marczewski නම් වූ ඉතාම දරුණු පිළිකා රෝගී තත්වයකට පත්ව සිටින කාන්තාවක්. වෛද්‍ය මතය විදියට නම් ඇයට ජීවත් විමේ හැකියාව 2%කටත් අඩු සම්භාවිතාවක් තමා තියෙන්නේ. ඇයට තියෙන පිළිකා තත්වය වන්නේ ‍කොඳු ඇට පෙළේ, පෙනහළුවල සහ අක්මාවේ පිළිකාවකි. මේ පිළිකා කිසිම එකකට නම් ඇයව මානසිකව වට්ටන්නට නම් බැරි විය. මේ කතාව කියවද්දි අපිට ලංකාව තුළ මෙවැනි දිරිය ලියන් කිහිප දෙනෙකු හමු වුනා. ඔවුන්ගෙන් සමහර අය දැන් අපි අතර නොමැති වුනත් ඔවුන් අපිට කියලා දීපු පාඩම් නම් අපි අතර තාමත් ජිවමාණයි.

NightBirde ගැන හැමදෙනාගෙම ඇස යොමු වූයේ දැන් ටික දිනකට පෙර ඇය විසින් America’s Got Talent වැඩසටහනට සහභාගී වෙමින් විනිසුරු මඩුල්ල මවිත කරමින් දැක්වූ රංගනය නිසාත් ඇය එයින් ගොල්ඩන් බසරය ලබා ගැනීමට හිමිකම් කියු නිසාත්ය. ඇය 30 හැවිරිදි තරුණියකි.

ඇය වේදිකාවට තුළ මෙපමණ පෙළහරක් කළද විනිසුරුවරුන්වත් ඇය මෙපමණ අසනීප තත්වයක සිට ගීත ගායනය හා රංගනය යෙදුනු බව ඇය කියන තුරු දැන සිටීයේද නැත. මේ කතාව අසා සියල්ලෝම කම්පනයට පත් විය. ඇගේ මුල් ගීතය “It’s Okay” ලෙස නම් කර ඇති අතර, එය ටිකක් අහිමි වීම හොඳ වන්නේ මන්දැයි විස්තර කරන පද රචනා සමඟිනි.

ඒ ගීතය,

I moved to California in the
summertime I changed my
name thinking that it
would change my mind
I thought that all my
problems they would stay behind
I was a stick of dynamite
and it just was
A matter of time, yeah

Oh, dang, oh, my,
now I can’t hide
Said I knew myself but I guess I lied
It’s okay, it’s okay
it’s okay, it’s okay
If you’re lost
We’re all a little lost
and it’s all right
It’s okay, it’s okay
it’s okay, it’s okay
If you’re lost
We’re all a little lost and it’s all right
It’s all right
it’s all right
It’s all right

I wrote a hundred pages, but I burned them all
Yeah, I burned them all
I blow through yellow lights and don’t look back at all
I don’t look back at all

Oh, dang, oh, my,
now I can’t hide
Said I knew myself but I guess I lied
It’s okay, it’s okay
it’s okay, it’s okay
If you’re lost
We’re all a little lost
and it’s all right
It’s okay, it’s okay
it’s okay, it’s okay
If you’re lost
We’re all a little lost and it’s all right
it’s all right to be lost sometimes


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඇය ගැයූ ගීතයේ යම් තැනක තියෙනව‍ා. “මම පිටු සියයක් ලිව්වා, නමුත් මම ඒවා සියල්ලම පුළුස්සා දැමුවා, මම කහ ආලෝකය හරහා පිඹිනවා, ආපසු හැරී බලන්නේ නැහැ”. මේ ගීතය තුළ ඇය අපිට කියලා දෙන පණිවිඩය ගැන මට දැනෙන්නේ ඇය ඇයගේ ජීවිතය ගැන දුටු හීන සියල්ලම කහ අලෝකය ඒ කියන්නේ ගින්දර හා සමාන පිළිකාව විසින් ඇය තුළම දවා දමා ඇති බවත්, හැබැයි ඇය කිසිම විටක ඒ ගැන සිතා පසුතැවිලි නොවන බවත් ජිවිතයට සුභවාදිව බලන බවත්ය.

ඇය විනිසුරුවන් ඉදිරියේ මේ විදියට පවසා තියෙනවා. රෝග විනිශ්ච කටයුතු නිසා පසුගිය කාලය තුළ ඇයට වැඩ කිරිමට නොහැකි වු බවත්, රෝග විනිශ්චයේදි ඇයට පෙනහළුවල සහ කොඳු ඇට පෙළේ සහ අක්මාවේ පිළිකාවක් ඇති බව අනාවරණය වූ බවයි. ඇය කිසි විටක මානසිකව වැටෙන්නේ නැතිව ජීවත්වීමට හැකි අවසන් මොහොත දක්වා සතුටින් ජීවිතය විදීමට ඇයට උවමනා විය. මේ America’s Got Talent වැඩසටහන තුළ ඇය පෙන්වූ දක්ෂතා නිසා ඇගේ හැල්සි විලාසිතාවේ කටහඬ ඇයට ප්‍රේක්ෂකයින් සහ විනිසුරුවන්ගෙන් ප්‍රශංසාවක් ලබා දුන් අතර කෝවෙල් ඇයට ප්‍රිය කරන ගෝල්ඩන් බසරය තෑගි කළේය.

ඉන් අනතුරුව කඳුළු වළක්වමින්, Vergara ඇයට පැවසුවේ “එය හෘදයාංගම වූ අතර මම හිතන්නේ ඔබ පුදුමයි” කියායි. “ඔබේ කටහඬ, ඇසීමට ඉතා අලංකාරයි, එය ලස්සනයි,” ක්ලම් වැඩිදුරටත් පැවසීය.

Marczewskiගේ ජීවිත කතාව තුළින් මං මගේ පාඨකයන්ට කියන්නේ ජීවිතේ අපිට එන ප්‍රශ්න කරදර මොනවද කියලා අපි දන්නේ නැනේ. ඒ එන ඕනෑම දෙකට සාර්ථකව මුහුණ දෙන්න අපි පුරුදු වෙන්න ඕන. ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න හොද නිදහස් මනසක් තියෙන්න ඕන. ඒ නිසා මානසිකව වැටෙන්න එපා කොයිම මොහොතකදිවත්. ප්‍රශ්නයක් ආවම හදවතට නෙමෙයි මොළයට ඉඩ දීලා ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න.

මේ වගේ චරිතවලින් ආදර්ශ ගන්න. බොළද ටෙලිනාට්‍යය බලලා මෝඩ තීරණ ගන්නේ නැතිව මේ මිනිස්සු අන්තිම තත්පරය වෙනකම් සතුටින් ඉන්න දරන උත්සාහය, ඒ වගේම තමන්ගේ වැඩවලට තමන්ගේ අසනීප හෝ වෙනත් දේවල් බාධාවක් කරගන්නේ නැතිව වැඩ සාර්ථකව කරගන්න අපුරුව බලන්න. ඒ පාඩම ඔබගේ ජීවිතයට අරගෙන ජීවිතේ ජයගන්න.

ජයෙන් ජය !

ජාතික වෘත්තිය පුහුණු ආයතනය මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව ඩිප්ලොමාවක් හදාරා ඇති ෂර්මිලා බොවිතන්ත්‍රි, එම අංශයෙන්ම වැඩි දුරටත් උසස් අධ්‍යාපනය හදාරමින් eLearning.lk ආයතනයේ මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශයට සහ පාරිභෝගික සේවා අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි. ෂර්මිලා ඇයගේ ධනාත්මක චින්තන ලිපි තුළින් වැටුනු හදවත්වලට හුස්මක් දී නැවත ජවයෙන් නැගීසිටින්නට ඔවුන්ගේ හදවත්වලට කතා කරන්න සූදානම්... ඒ වගේම ඉතා සරලව ලාංකීය සහ ලෝක ඉතිහාසය ඇයගේම තෙලි තුඩෙන් වර්ණ ගන්වන්නත් සූදානම්....