Omicron දැනටමත් ලෝකේ පුරාම පැතිරිලද? දකුණු අප්‍රිකාවේ ජීවත්වන මහාචාර්ය Chandima Gomes විස්තර කරයි

අද අපේ වැඩසටහනට එකතු වෙන්නෙ දකුණු අප්‍රිකාවේ වාසය කරන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෙක් සහ මහාචාර්යවරයෙක් වන චන්දිම ගෝමස් මහතයි. eLearning.lk YouTube Channel එකේ ප්‍රධාන සම්පත්දායකයෙක් වන එතුමා සමඟ අද අපි සාකච්ඡා කරන්නේ මේ දවස් වල වැඩියෙන් කතාබහට ලක් වන කොරෝනා වෛරසයේ අලුත් ප්‍රභේදයක් වන Omicron වෛරසය, දකුණු අප්‍රිකාවේ වර්තමාන තත්වය සහ ශ්‍රී ලංකාවට තිබෙන බලපෑම ගැනයි.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.