ගේ ඇතුළේ කුඩ ඉහළමු?

නිවෙස් ඇතුළේ කුඩ ඉහළීම ඉතාමත් අසුබ දෙයක් ලෙස ඇතැම් වැඩිහිටියන් විශ්වාස කරයි. මෙම විශ්වාසයේ ආරම්භය පිළිබඳ එක් මතයක් වන්නේ දෙව්වරුන් කෝප වීම යන විශ්වාසයයි.

ඈත අතීතයේ පැරැන්නන් සූර්යයා සහ වැස්ස වැනි ස්වභාවික දෑ දෙව්වරුන් ලෙස සැළකුවෝය. කුඩයක් ඉහළීමේ පරමාර්ථය වන්නේ අව්වෙන් හෝ වැස්සෙන් ආවරණය වීමයි. එම නිසා හිරු දෙවියන් සහ වැහිි දෙවියන් ඉදිරියේ ඉහළීමට තිඛෙන කුඩය, වැස්ස සහ සූර්යයා නොමැති ස්ථානයක ඉහළනු ලැබූ විට එම දෙව්වරුන් කෝප වනු ඇතැයි ඔවුන් සිතුවෝය.

——————————————
ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රට වල මුල් බැසගත් මිත්‍යා විශ්වාස පිළිබඳව eLearning.lk අපි නිර්මාණය කළ වාර්තාමය වැඩසටහන

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...