Operation Fortitude South

January 24, 2022

දෙවන ලෝක යුද්ධයේ සුප්‍රසිද්ධ නෝමැන්ඩි ආක්‍රමණයේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට මිත්‍ර පාක්ෂිකයින් විසින් අතිරේක මෙහෙයුම් 20ක් විතර දියත් කරන ලදී.

ඒ අතරින් Operation Fortitude South යනු සිත් ගන්නා සුළු මෙහෙයුමකි. මෙහිදි ප්‍රංශයේ පාඩි-කැලේ වලට පෙනෙන බ්‍රිතාන්‍යයේ බටහිර මුහුදු සීමාවේ දහස් ගණනක යුද්ධ ටැංකි සහ සෙබළුන්ගෙන් සැදුම්ලත් ව්‍යාජ හමුදාවක් ගොඩ නැංවිනි. ඒ ඔස්සෙ මිත්‍ර පාක්ෂිකයින් නෝමැන්ඩි වලට නොව, පාඩි-කැලේ වලට පැමිණිමට සූදානම් වන බව ජර්මානුවන්ට හැගවිය.

මේ සදහා යොදා ගත් සෑම යාන වාහනයක්ම බොහොම පහසුවෙන් එහා මෙහා රැගෙන යා හැකි රබර් වලින් නිර්මාණය කළ දේවල්ය. හමුදා සාමාජිකයින් ලෙස පෙනී සිට ඇත්තේ ඇමරිකානු කලා පාසල් වලින් සම්බන්ධ කර ගත් 1100ක රංගන ශිල්පීන් පිරිසකි.

මේ සම්බන්ධව eLearning.lk අපි නිර්මාණය කළ සම්පූර්ණ වාර්තාමය වැඩසටහන :

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...