දේශීය නිෂ්පාදන රජ කරවන OURS Super Center – ආචාර්ය Rukmal Weerasinghe මහතා සමග

මේ සාකච්ඡාව අපි ගෙන එන්නෙ පන්නිපිටියේ OURS Super Center පරිශ්‍රයේ සිටයි. මේ වැඩසටහනට සහභාගීවන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ ව්‍යවසායක අධ්‍යන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා නවෝත්පාදන මධ්‍යස්ථානයේ සභාපති, ආචාර්ය රුක්මල් වීරසිංහ මහතායි.

මේ සාකච්ඡාවේදී අපි OURS Super Center පරිශ්‍රය සහ මේ පරිශ්‍රයේ විශේෂත්වය ගැන වගේම අපේ රටේ තරුණ ව්‍යවසායකත්වය, දේශීය නිෂ්පාදන නගා සිටුවීම, දේශීය නිෂ්පාදන සඳහා නව අදහස්, දේශීය නිෂ්පාදන අපනයනය, තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන විශ්වවිද්‍යාල සිසුන් සඳහා කෙරෙන දිරිගැන්වීම් වගේ බොහෝ දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.