Perfect 10

1976 ඔලිම්පික් තරගයේ ජිම්නාස්ටික් ඉස්සවකදී අවුරුදු 14ක් වයසැති නාඩියා කොමනේචි ලකුණු 10න් 10 ලබා ගනිමින්, ඔලිම්පික් තරගයකදී Perfect 10 එකක් වාර්තා කළ ලොව පළමු ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට පත්විනි. නමුත් ලකුණු පුවරුවේ එය (ලකුණු 10) සටහන් වූයේ 1.00 ක් ලෙසිනි.

මීට හේතුව වූයේ ජිම්නාස්ටික් ක්‍රීඩාවේ මීට පෙර කිසිවෙක් ලකුණු 10 වාර්තා කර නොතිබීම හේතුවෙන් සහ සම්පූර්ණ ලකුණු ලබා ගැනිම විය නොහැකි යැයි අනුමාන කරමින්, විද්‍යුත් ලකුණු පුවරුවට එක් ඉලක්කමක් සහ දශමස්ථාන දෙකක් පමණක් ඇතුළත් කර තිබීමයි.

මෙම සිදුවීම ගැන සහ නාඩියා කොමනේචි ගැන eLearning.lk YouTube Channel එකේ පල කළ වීඩියෝ එක
——————————————

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...