Phages වෛරසය

February 7, 2022

මිනිසාව ලෙඩ කරන සමහරක් බැක්ටීරියා වර්ග විනාශ කිරීම සඳහා Phages නමැති වෛරසය පෙරමුණ ගනියි. බැක්ටීරියාවන් විනාශ කරනා විලෝපිකයෙක් ලෙස කටයුතු කරන Phages, ලෝකයෙන් තුරන් වූවොත් බැක්ටීරියාවන් නිසා මිය යන මිනිසුන්ගේ සහ සතුන්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි.

පරිසර විද්‍යාඥයන්ට අනුව පෘතුවියේ තිඛෙන ඔක්සිජන් ප්‍රතිශතයෙන් 50%ක් සාගරයේ මුහුදු පැළෑටි හරහා ලැබෙයි. එම අගය ස්ථාවර කිරීමට මෙම වෛරසය උපකාරී වන අතර වෛරසය සෑම දිනකම සියලුම සාගර බැක්ටීරියා වලින් 50%ක් පමණ විනාශ කරනු ලබනවා. මෙම වෛරසයට Phages යන නම ලැබී ඇත්තේ ග්‍රීකයින්ගේ Phagein යන වචනය අනුසාරයෙනි. එහි තේරුම වන්නේ ගිලීමයි.

මේ සම්බන්ධව eLearning.lk අපි නිර්මාණය කළ සම්පූර්ණ වාර්තාමය වැඩසටහන –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...