කාන්තාවන්ට තනියම Taxi වල යද්දී තිබුන භය ඉවරයි – Pink Drives Taxi Service

සතිපතා පවත්වන eLearning.lk සාකච්ඡා මාලාවෙන් අපි විවිධ පැතිකඩ ගැන කතා කරනවා. මේ වැඩසටහනේදී අපි ඉලක්ක කරන්නේ අපේ රටේ තිබෙන වැදගත් ප්‍රශ්නයක් ගැනයි. ඒ තමයි අපේ රටේ කාන්තාවන්ට ගමන්බිමන් යාමේදී සිදුවන අවහිරතා කියන ප්‍රශ්නය.

හැබැයි අපි මේ ප්‍රශ්නය ගැන විතරක් අවධානය යොමු කරලා නතර වෙන්නෙ නෑ. අපි මේ ප්‍රශ්නයට, ඒ කියන්නෙ අපේ රටේ කාන්තාවන්ට කිසිම සැකයකින් සහ බයකින් තොරව, ආරක්ෂාකාරීව ගමන්බිමන් යන්න යම් විසදුමක් හොයාගත්ත ආයතනයක අපූරු වැඩක් ගැනත් ඔයාලට කියනවා. අපි ඒ වෙනුවෙන් අපේ eLearning.lk Studio එකට ආරාධනා කළා Pink Drives ආයතනයේ ලිස්විත් ඔබිනමුනි (Liswith Obinamuni) සහ ශොහාන් කුලසූරිය (Shohan Kulasuriya) මහත්වරු දෙපලට.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.