Pirate Software පාවිච්චි කිරීම දෙවෙනි සිල්පදය කැඩීමක්ද?

අද මාතෘකාව තොරතුරු තාක්ෂණ සන්නිවේදනය, එහෙමත් නැත්නම් ICT කරන සෑම කෙනෙක්ටම වැදගත් වෙන මාතෘකාවක්. ඒ තමයි Software සහ Hardware ගැනයි.

Software Crack කිරීම, Adobe වගේ Software වෙනුවට භාවිතා කරන්න පුලුවන් Free Software වර්ග, Windows / Adobe වගේ ප්‍රසිද්ධ මහා පරිමාණ මෘදුකාංග සමාගම් වල තිරයේ පිටුපස අරමුණු සහ නීති රීති, රාජ්‍ය සහ පුද්ගලික ආයතන සඳහා අවශ්‍ය වෙන Hardware, ඒවායේ විධිමත් භාවිතයන් වගේ බොහෝ දේවල් සම්බන්ධයෙන් අපි මෙතනදි සාකච්ඡා කරනවා.

Adobe වගේ Softwares දැන් Crack කරලා ගන්න අවශ්‍ය නෑ (මයන්ත ශවීන්) – https://bit.ly/2SVS0Fv

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.