විහාරාධිපතිකම සහ ගෝල පරම්පරාව

” විහාරාධිපතිකම එන්නෙ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවටයි. උදාහරණයක් විදිහට ගෝලයො දෙන්නෙක් ඉන්නවා නම් ලොකු ගෝලයාට තමයි යන්නෙ. ලොකු ගෝලයාගෙන් පස්සෙ යන්නෙ අර දෙවෙනි ගෝලයාට නෙවේ. ලොකු ගෝලයාගෙන් පස්සෙ යන්නෙ ලොකු ගෝලයාගෙත් ලොකු ගෝලයාට.

හැබැයි විහාරාධිපති හාමුදුරුවන්ට පුලූවන් අන්තිම කැමති පත්‍රයකින් ඒක වෙනස් කරන්න. උදාහරණයක් විදිහට මගෙන් පස්සෙ විහාරාධිපතිකම යන්න ඕන ලොකු ගෝලයාට නෙවේ, මගේ තුන්වෙනි ගෝලයාට.

මේක අපහාසයක් නෙවේ. සමහර විහාරාධිපති හිමිවරු, විහාරාධිපතිකම පවුලෙන් පිට යනවා කියලා තමන්ගේ සහෝදරයන්ගේ දරුවො මහණ කරගන්නවා. ඒ කරන්නෙම, විහාරාධිපති හිමිගෙන් පස්සෙ ඒ තනතුර ඒ අයට දෙන්නයි. ”

———————————————–
සම්පූර්ණ සාකච්ඡාව –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...