ගෙදර ඉඳන් Online සල්ලි හොයන හරි විදි – 02 වන කොටස

01 වන කොටසට මෙතනින් >>>

ගොඩ දෙනෙක්ගෙන් ඉල්ලීම් ආපු නිසා මෙන්න ඕගොල්ලන්ට Online සල්ලි හොයන තවත් Platforms 6ක් ගැන විස්තර.

08. Upwork

කලින් මේක ප්‍රසිද්ධ වෙලා තිබ්බේ oDesk කියලා. ලංකාවේ අය මුලින්ම ලියාපදිංචි වුන සෑහෙන ජනප්‍රිය වෙබ් අඩවියක්. නම වෙනස් උනාට පස්සේ අලුත් Features ගොඩාක් එක්ක වෙනස් විදියකට වැඩ කරන්න පුළුවන් වෙන්න හදලා තියෙනවා. කෙටි කාලීන හා දිගු කාලීන ව්‍යාපෘති වගේම සාමාන්‍ය මට්ටම්මේ ඉඳන් Pro මට්ටම දක්වා ලොකු පරාසයක විහිදුන හැකියාවන් අවශ්‍ය කරන වැඩ මේකේ ඕනේ තරම්. ගොඩක්ම තියෙන්නේ Web නිර්මානකරණය, Graphic නිර්මානකරණය, Mobile Apps, Programming සහ අන්තර්ජාල අලෙවිකරණය හා බැඳුනු වැඩ.

ලියාපදිංචි උනාම ඕගොල්ලන් මුලින්ම කරන්න ඕනි තමන්ගේ Profile එක සම්පූර්ණ කරන එක. කලින් කරපු වැඩ Upload කරලා විස්තර ලියලා ආකර්ශණීය Profile එකක් හදාගන්න එක අත්‍යවශ්‍යයි. තව Upwork ඇතුළෙම තියෙන විවිධ විභාග සමත් උනාම ඒවා සුදුසුකම් විදියට ඕගොල්ලන්ගේ Profile එකට එකතු වෙනවා. තමන්ගේ දක්ෂතාවයට සහතිකයක් ගැනීම තුළ Buyersලා ඕගොල්ලන්ව තෝරා ගන්න තියෙන අවස්ථාව වැඩියි.

Buyersලා ඒගොල්ලන්ගේ Project එක Publish කළාම අපිට ගිහින් ඉල්ලුම් කරන්න පුළුවන් වගේම Buyersලට කෙලින්ම අපිට ආරාධනා කරන්නත් පුළුවන් ලන්සු තියන්න.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

විශේෂතා:
* කොහොමහරි Jobs දෙක තුනක් කරලා Ratings හදාගත්තොත් සෑහෙන හම්බකරන්න පුළුවන් වගේම Pro Level එකට Select වෙන්නත් පුළුවන්. එහෙම උනොත් ලොකු ගණන් අය කරන්න පුළුවන්
* Upwork ඇතුළෙන්ම Project Management, Communication සහ අනිකුත් සහය ලබා දෙනවා. Buyersලට Teams හදන්න පහසුකම තියෙනවා. එතකොට ඕගොල්ලන්ට තවත් Freelancersලත් එක්ක කණ්ඩායමක් විදියට වැඩ කරන්නත් පුළුවන්.
* Upwork ඇතුළෙන්ම විභාග සමත් වීමේ හැකියාවත් තියෙනවා.
* Desktop App එක Install කරගත්තොත් එකෙන් වැඩ කරන පැය ගාණ එහෙම Track කරන්න පුළුවන්. වැඩ කරන අස්සේ වෙන වෙන ඒවා බැලුවොත් Buyersට මාට්ටු වෙන්නත් පුළුවන් ?

ගෙවීම්:
* විවිධ ක්‍රම රාශියකින් සල්ලි ගෙන්න ගන්න පුළුවන්. Bank Transfer, PayPal, Payoneer, Skrill වගේ ඒවා.
* අපේ ගාස්තුවෙන් 5% – 20% දක්වා ප්‍රමාණයක් Upwork අය කර ගන්නවා. ඒක තීරණය වෙන්නේ අපිට ලැබෙන මුදල් ප්‍රමාණය මත. වැඩි විස්තර මෙතනින් – https://www.upwork.com/i/howitworks/freelancer

09. Toptal

මේ සේවාවට තමා ඇතුල් වෙන්න අමාරුම සේවාව. ලෝකේ උඩම ඉන්න 3% ප්‍රතිශතයට තමා මේකට ඇතුල් වෙන්න පුළුවන්. ඒක හරියටම තෝරලා බේරලා ගන්න ඒගොල්ලන්ගේ අසීරු පරීක්ෂණ ගණනාවක් තියෙනවා. Skype සම්මුඛ පරීක්ෂණ වගේම අත්හදා බැලීමේ පරීක්ෂණ ගොඩාක් තියෙනවා. ඉංග්‍රීසි දැනුම උපරිමයට තියෙන්න ඕනේ. හැබැයි මේකට ඇතුල් වෙන්න පුළුවන් උනොත් ඉතින් ජීවිතේම ගොඩ වගේ තමයි.

ලෝකේ තියෙන ලොකුම සමාගම් වල වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා (උදා: HP, JP Morgan, AirBnB, Emirates වගේ ඒවා). අනික් තැන් වල වගේ අඩුම මුදලට කරන්න කියලා දෙයක් නෑ. මේකේ අඩුම මුදලත් සැහෙන ලොකු ගාණක්. කොහොමත් කියලම තියෙනවා මුදල් තරඟකාරීත්වයට අවස්ථාව නෑ කියලා. ඒක හින්දා ඉන්දියන් කට්ටියට Undercut කරන්න බෑ. තාම නම් මම දන්න කවුරුත් නම් මේකට ඇතුල් වෙලා නෑ. දන්න කවුරුහරි ඉන්නවනම් comment වල දාන්න.

විශේෂතා:
* පරීක්ෂණ වලින් සමත්වීම ඉතා අසීරුයි
* Buyerට පුළුවන් අපිව ඔහුගේ කණ්ඩායමකට ඇතුල් කරගන්න. කණ්ඩායම් දෙක තුනකට ඇතුල් වෙන්න පුළුවන් උනොත් ඉතින් ගෙදර ඉඳන් හොඳම රැකියාවක් කරනවා වගේ තමයි
* ලංකාවෙන් Buyersලට තාම Aceept කරන්නේ නෑ
* Buyersලවත් තෝරලා බලලා තමා ඇතුළට ගන්නේ
* Toptal ඔක්කොම කළමනාකරණ කාර්යයන් කරලා දෙනවා. අපිට තියෙන්නේ වැඩේ හරියට කරන්න විතරයි

ගෙවීම්:
* වෙලාවට ගෙවනවා
* සාමාන්‍යයෙන් Freelancer කෙනෙක් පැයකට ඩොලර් 60-90 අතර ගාණක් හොයනවා.
* Paypal, Bank Transfer වලින් තමා ගෙවීම් කරන්නේ
* Buyersලා ගෙවන ගාණෙන් කොටසක් Toptal තියා ගන්නවා
* වැඩි විස්තර මෙතනින් – https://www.toptal.com/top-3-percent

10. 99Designs

99designs කියන්නෙත් ලංකාවේ ගොඩ දෙනෙක් ලියාපදිංචි වෙලා ඉන්න Site එකක්. මේක අනික් හැම එකටම වඩා සැහෙන වෙනස් මාර්ගයක යන Freelance සේවාවක්. Clientsලා ඒගොල්ලන්ගේ Project එකේ විස්තර Publish කරනවා, ඒකට ඒගොල්ලෝ ගෙවන්න කැමති ගාණත් එක්කම. අපි ඒ ගාණට කැමති නම් ඒ Project එකේ විස්තර කියවලා Apply කරන්න ඕනි. ඉල්ලුම් කරන විදියේ තමා වෙනස තියෙන්නේ. මේකේ තියෙන ඔක්කොම වගේ Projects තරඟයක් ආකාරයට තමා හැඩ ගැස්විලා තියෙන්නේ.

ඒ කියන්නේ ඕනෙම කෙනෙකුට ලියාපදිංචි උන ගමන්ම මේ තරඟ වලට සහභාගී වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට Logo එකක් හදන Project එකකට එකේ තියෙන අවශ්‍යතාවය කියවලා කැමති තරමක් ඔයාගේ නිර්මාණ Upload කරන්න පුළුවන්. Client තමා ඊළඟට තමන් කැමති නිර්මාණය තෝරලා ගන්නේ ආපු ඔක්කොගෙන්ම. මේකේ හොඳ නරක දෙපැත්තම තියෙනවා.


Click on the Image

විශේෂතා:
* හොඳ දේවල් හැටියට අලුතින් ලියාපදිංචි වෙන කෙනෙකුට උනත් ලේසියෙන්ම මුදල් හොයන්න පුළුවන්. Price Competition එකක් නෑ.
* නරක තමයි මහන්සිවෙලා හදන Design එකක් Reject වෙන්න තියෙන අවස්ථාව සෑහෙන වැඩියි. මොකද තීරණය ගන්නේ Client. අපිට ලස්සන එක එයාලට ලස්සන නෑ වගේම, එකක් පරයා එකක් ලස්සන Designs Upload වෙනවා. අපතේ යන්න තියෙන අවස්ථාව වැඩියි.
* හැබැයි හම්බවෙන ගාණ සාපේක්ෂව වැඩියි Fiverr වගේ ඒවාට වඩා.
* මේකෙත් Ratings සහ කලින් කරපු වැඩ (Portfolio) තියාගන්න එක හරි වැදගත්. Portfolio එක ඉබේම හැදෙනවා තරඟ දින්නොත්.

ගෙවීම්:
* Payoneer, Paypal, Skrill වලින් තමා.
* 99designs පොඩි කොමිස් මුදලක් තියාගන්නවා Competition Price එකෙන්.

11. Project4hire

Project4hire කියන්නේ ගොඩක් දුරට freelancer.com එකට සමාන Platform එකක් (පළවෙනි ලිපිය හා බැඳේ). හැබැයි මේකේ ගාස්තුව අය කරන්නේ අපෙන්. ඒ කියන්නේ Freelancerගෙන්. නොමිළේ දෙන සේවාවකුත් තියෙනවා.

මාසෙකට ඩොලර් 10ක් ගෙවලා ගන්න සේවාවකුත් තියෙනවා. වෙනස තමයි නොමිලේ දෙන සේවාවෙන් Project එකක් හම්බවුනාම ඩොලර් 5ක් ගෙවලා තමා වැඩ පටන් ගන්න ඕනි. හැබැයි ඔයා මාසෙකට ඩොලර් 10ක් ගෙවන Freelancer කෙනෙක් නම් මේ ගාණ ගෙවන්න ඕනි නෑ. නොමිලේ දෙන Account එකේ අනික් අවාසිය තමා Project එකට Bid කරන කාලේදී අපිට Customerට කතා කරන්න බැරි එක. ගෙවන Freelancersලට ඒ වාසිය තියෙනවා.

විශේෂතා:
* සාමාන්‍ය මට්ටමේ Budget තමා වැටෙන්නේ Site එකේ.
* සරල මට්ටමේ සේවාවක්. ලොකු ව්‍යාපෘති කළමනාකරණ පහසුකම් එහෙම නෑ.
* වෙන platform වලට යන්න කලින් Practice වෙන්න හොඳ Platform එකක්.
* තරගකාරීත්වය නම් සැහෙන අධිකයි. විවිධ ක්ෂේත්‍ර ගණනාවකට ලියාපදිංචි වෙන්න පුළුවන්. හැබැයි හැම එකටම වැඩ වැටෙන්නේ නෑ.

ගෙවීම්:
* PayPal සහ තැපෑලෙන් එන Cheque පතකින් තමා ගෙවීම් කරන්නේ.

12. Envato Studio

Envato Studio කියන්නෙත් ටිකක් Toptal වගේ තැනක්. පටන් ගත්ත කාලෙ කිව්වෙ Microlancer කියලා. ඒ කාලේ නම් ඕනේ කෙනෙකුට ලියාපදිංචි වෙන්න පුළුවන්කම තිබුනා. හැබැයි දැන්නම් Invite විතරයි. එකපාරටම එහෙම කරන්න හේතුව විදියට මම දකින්නේ ඒ කාලේ ගොඩක් දකුණු ආසියානුවන් ලියාපදිංචි වෙලා ඉතාම අඩු ගණනට සේවා සපයන්න පටන් ගත්ත නිසා Platform එකේ හිටපු අනිත් අයගෙන් ආපු පැමිණිලි. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ආදායම් නොමැති වීම.

කොහොම උනත් හොඳම වැඩකාරයෝ තමා මෙතනට ගන්නේ. පෞද්ගලිකව මමත් ටික කාලයක් වැඩ කළා දකුණු ආසියාවට තහනම් කරන්න කලින්. හොඳ Portfolio එකක් වගේම හොඳ තත්වයේ සේවාවක් දිගටම පවත්වාගෙන යාම හරිම වැදගත්. Graphic, Programming, ලිවීම, Animation, ශබ්ද/වීඩියෝ පරිපාලනය වගේ දේවල් කරන්න පුළුවන්. දැන්නම් නැවතත් ඉල්ලුම් කරන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඉල්ලුම් පත්‍රය බලලා කැමති නම් විතරයි ඇතුලට ගන්නේ.

විශේෂතා:
* ඔබ අනිකුත් Envato වෙළදපොළවල් වල ඉන්නව නම් ඒ සේවාවන් සමග සම්බන්ධ කරලා සේවාවන් දෙන්නත් ලබා ගන්නත් පුළුවන්.
* හොඳ කළමනාකරණ පහසුකම් වගේම User Friendly අතුරු මුහුණතක් තියෙනවා.

ගෙවීම:
* වැඩේ හරියට කලාම ගෙවීම් ගැන බය වෙන්න දෙයක් නෑ. PayPal, Skrill, Bank Transfer මගින් මුදල් ගෙන්වා ගන්න පුළුවන්.
* අපිට ගෙවන මුදලින් 30% ඒගොල්ලෝ ගාස්තුව විදියට තියා ගන්නවා.

13. DesignCrowd

මේකත් තවත් 99designs වගේම සේවාවක්. Crowdsourcing Concept එක උඩ තමා මේ වගේ සේවාවන් වැඩ කරන්නේ. Buyerගේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට designersලා සිය ගණනක් තමන්ගේ නිර්මාණ Publish කරනවා. Buyer තෝරා ගන්න නිර්මාණයට ජයග්‍රාහී මුදල ලැබෙනවා. මේ Site එකේ ඔක්කොම වගේ තියෙන්නේ Photoshop, Illutrator, CorelDraw වගේ Package පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල්. ඒගොල්ලෝ කියන විදියට එක Job එකකට නිර්මාණ 100ක් විතර සාමාන්‍යයෙන් Upload වෙනවා. දවස් 3, 5, 10 වගේ Deadlines තමා වැටෙන්නේ. මේකේ කරන වැඩ වලට සාධාරණ මුදලක් ගෙවනවා. හැබැයි ඒක තීරණය කරන්නේ Buyer.

විශේෂතා:
* 99design වලට වඩා DesignCrowd ටිකක් වෙනස් සමහර දේවල් වලින්. අපි මහන්සි වෙලා Design එකක් යැවුවම තියෙන තරඟකාරීත්වය නිසා Reject වෙන්න තියෙන අවස්ථාව වැඩියි. ඒ නිසා DesignCrowd පොඩ්ඩක් අපේ පැත්තෙනුත් හිතලා Place Payments, Participation Payments සහ Bonus Payments ලබා දෙනවා.
* Place Payments කියන්නේ අපි 2 වෙනි හෝ 3 වෙනි ස්ථානයට පත්වුනොත් අපිට මුළු මුදලෙන් පොඩි කොටසක් ලැබෙනවා. Participation Payments කියන්නේ Buyer අපි ගැන කලින්ම දැනගෙන අපේ වැඩ හොඳ නම් අපිට එවන ආරාධනාවක්. අපිට දිනුවත් නැතත් සහභාගී උනාට පොඩි ගණනක් ලැබෙනවා.
* Bonus Payments කියන්නේ මේ දෙකටම අදාල නැති ඒ උනත් Designs වලට සැහෙන මහන්සි වෙලා හොඳ තත්වයෙන් තියෙනව නම් තවත් පොඩි ගණනක් ලැබෙන විදියක්. Project එකේ විස්තර වල දාල තියෙනවා කොහොමද ගෙවීම් වෙන්නේ කියලා – http://www.designcrowd.com/help/article/how-do-i-get-a-participation-payment

ගෙවීම්:
* Designcrowd ඒගොල්ලන්ගේ ගාස්තු විදියට 15% ක් තියා ගන්නවා. අපිට Paypal, Skrill සහ Payoneer හරහා සල්ලි ගෙන්න ගන්න පුළුවන්.

මම මෙතනදී Forex වගේ දේවල් ගැන කතා කරන්න යන්නේ නෑ. මොකද ඒවා කොටස් වෙළඳපොල වගේ Risk and Return හා බැඳුනු දේවල්. මෙතෙන්දි මම කතා කරන්නේ තමන්ගේ හැකියාවකින් ගන්න ප්‍රයෝජනයක් පිලිබඳව. අවසාන වශයෙන් ඕගොල්ලන්ට හොඳ අමතර අදායමක් ලබන්න මේ ලිපිය ප්‍රයෝජනවත් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ඉදිරියට තවත් දේවල් දැන ගන්න ලැබුනොත් නැවත හමුවෙමු. ඔබට ජය!

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.