දරුවන් විරුවන් කරන අරගලය | Science, Technology, Engineering, Maths for kids in Sri Lanka | STEM Education

දරුවන් ආසම කරන ක්‍රියාකාරකම් තුලින්ම ඔවුන්ගේ අධ්‍යාපනය ලබා දීමේ අපූරූ ක්‍රමවේදය ❤️❤️❤️

? System Change කියන්නෙ පසුගිය කාලයේ අපිට නිතරම ඇහුණු වචනයක්. 2018 ඉදලම ශ්‍රී ලංකාවේ යල් පැන ගියපු සාම්ප්‍රදායික අධ්‍යාපනික System එක Change කරන්න වගේම විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට දිගින් දිගටම කැපවුණු eLearning.lk අපි, අපිට වගේම මේ වෙනුවෙන් උණක් තියෙන 360 Labs ආයතනයත් එක්ක එකතුවෙලා අලුත් වැඩක් ආරම්භ කළා. ඒ තමයි, Stemfactory.io. මේක නොනවතින අරගලයක්. මේ අරගලය, ශ්‍රී ලංකාවේ අනාගතය භාරගන්න ඉන්න අපේම දරු පරම්පරාව තාක්ෂණයෙන් සහ තාර්කික බුද්ධියෙන් සන්නද්ධ කරන්නයි.

? මෙතනදි අපි වයස අවුරුදු 6 සිට 15 දක්වා ඉන්න දුවලා පුතාලට අනාගතය සමඟ හැප්පෙන්න වගේම අලුත් අලුත් නව නිර්මාණ ලෝකයට දායාද කරන්න අවශ්‍ය කරන Astronomy, Engineering, Science, Robotics, Software, Electronics, Coding, Programming, Internet of Things වගේ ගොඩක් විෂයන් සම්බන්ධව… බොහොම නිදහස් පරිසරයක ඉදලා මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ඉතාමත් විනෝදයෙන්, ප්‍රායෝගික ක්‍රමවේද අනුව කියලා දෙනවා. Course Content එක තනිකරම නිර්මාණය කරලා තියෙන්නෙ Multinational Curriculum එකකට අනුවයි.

? ඉතින් පරක්කු කරන්නෙ නැතුව, දැන්ම පොඩ්ඩො එක්ක ඇවිත් අපේ Exhibition Center එක බලලා, අපේ උපදේශකවරුන් එක්කත් කතාබහ කරලා, ඒ ගමන්ම පොඩ්ඩන්ටත් දැණුමක් ලබා දීලා, ඉදිරියේදී ආරම්භ කරන පාඨමාලාවටත් ලියාපදිංචි වෙලා යන්න එන්න. අපි බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔයාලව ඉක්මණින්ම හමුවෙන්න.

? Website | ? WhatsApp Group | ☎️ More Details – 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...