අර්ධ ස්වයංක්‍රීය රොබෝ සුනඛයන්

November 16, 2020

පළවෙනි වතාවට ඇමරිකානු ගුවන් හමුදා කඳවුරකින්, කඳවුරේ ආරක්ෂාවට “අර්ධ ස්වයංක්‍රීය රොබෝ සුනඛයන්” එකතු කරපු ප්‍රවෘත්තියක් ඇමරිකාවේ ෆ්ලෝරීඩා වල ගුවන් හමුදා කදවුරකින් වාර්තා වෙනවා. ඒ කියන්නේ 100%ක් රොබෝලා නොවන, දුරස්ථ පාලක වලින් පාලනය කරන්න පුලුවන් සහ විවිධ උපකරණ වලින් අධ්‍යනය කරන්න පුලුවන්, සුනඛයන්ගේ හැඩයක් තියෙන රොබෝලා.

ඇමරිකාවේම දකුණු ඩකෝටාවේ තියෙන ටින්ඩෝල් ගුවන් හමුදා කදවුරත් නුදුරේදීම, කදවුරේ සෝදිසි කටයුතු වෙනුවෙන් මේ වගේම “අර්ධ ස්වයංක්‍රීය රොබෝ සුනඛයන්” යොදා ගන්න බවට ආරංචි පල වෙලා තියෙනවා.


Photo Credits – www.rt.com

මේ සුනඛයන්, රොබෝවරු නිසා මෙයාලට කන්න බොන්න දෙන්න ඕන නෑ. ඒ වගේම මෙයාලට වෙහෙසක් දැනෙන්නෙත් නෑ. ඒ විතරක් නෙවේ, සාමාන්‍ය සුනඛයන්ට වගේ විශේෂ සැළකිල්ලක් දක්වන්න ඕනත් නෑ.


Video Credits – Weapons Of World | YouTube

මේ රොබෝලා අවි වලින් තොර, නිරායුධ රොබෝලා කියලා තමයි වාර්තා වෙන්නෙ. ඒත් මේ රොබෝලාව විවිධ වර්ගයේ කැමරා, තාප සංවේදක සහ ගෑස් හදුනා ගැනීමේ උපකරණ වගේ දත්ත සහ තොරතුරු ලබා දෙන උපකරණ වලින් සන්නද්ධ කිරීමේ හැකියාව තියෙනවා.


Photo Credits – www.cnn.com

ඒ වගේම මේ රොබෝ සුනඛයන්ව මිනිසුන්ට සහ වාහනවලට යන්න බැරි ප්‍රදේශවල මුර සංචාර වල යෙදීමෙන්, ඒ අදාළ භූමිය ගැන පැහැදිලි දත්ත විශ්ලේෂණයක් කරන්න පුලුවන්කම තියෙනවා.

ඒත් මේ රොබෝ සුනඛයන්ව 100%ක්ම හමුදා ක්‍රියාකාරකම් වලට යොදවන්න තවමත් විද්‍යාඥයන් සූදානම් නෑ. විශේෂයෙන්ම දැනටමත් හමුදාවේ ඉන්න සුනඛයන් වෙනුවෙන් ආදේශ කරන්න එහෙම. මොකද තවමත් මේ රොබෝ සුනඛයන් 100%ක්ම පරිසරයට හුරුවෙලා නෑ.


Photo Credits – www.defbrief.com

මේ ගැන උනන්දු ගොඩක් අය ප්‍රකාශ කරන්නෙ These dogs will be an extra set of eyes and ears කියලයි. ඒ කියන්නෙ මෙයාලා තවත් අමතර ඇස් සහ කණ් ප්‍රමාණයක් කියලයි. මොකද මේ රොබෝ සුනඛ්‍යයන්ගෙන් දෘෂ්‍ය (Video) වගේම ශ්‍රව්‍ය (Audio) දත්තත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

* වැඩි විස්තර සඳහා : https://www.healthyfoodhouse.com/one-dragonfly-can-eat-100s-of-mosquitoes-per-day-keep-these-plants-in-your-yard-to-attract-dragonflies

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...