T Rexගෙ පාට

T Rex ඩයිනෝසෝරයන්ගේ ඇටකටු මදක් ගැඹුරට හෑරීමකට ලක් කර, තියුණු අන්වීක්ෂ ඔස්සෙ අධ්‍යනය කරන ලද විද්‍යාඥයන්, T Rex ඩයිනෝසෝරයන්ගේ වර්ණක සොයා ගැනීමට සමත් වූවා.

එම වර්ණක ආධ්‍යනයන් ඔස්සේ විද්‍යාඥයන්, T Rex ඩයිනෝසෝරයන්ගේ සම කළු හෝ දුඹුරු හෝ ලා පැහැති තීරුවලින් (Colour Patches) යුක්ත වූ බවටත්, T Rex ඩයිනෝසෝරයන්ගේ ඇහි බැම ආශ්‍රීත ප්‍රදේශයන් තැඹිලි පැහැති බවටත්, ශරීර උෂ්ණත්වය පාලනය කිරීම සඳහා හිසේ සිට පිට ප්‍රදේශය දක්වා කුරුළු පිහාටුවලට මදක් සමාන වූ රෝම කූප තිබී ඇති බවටත් හෙළිදරව් කර ඇත.

එම තොරතුරු අනුව මෙම සටහනේ අප පල කර තිබෙන ඡායාරූප, සැබෑ T Rex ඩයිනෝසෝරයෙකුගේ පෙනුමට බොහෝ දුරට සමාන වේ.

——————————————
T Rex ඇතුළු Jurassic Park ඩයිනෝසෝරයන්ගේ විද්‍යාත්මක පසුබිම ගැන eLearning.lk අපි නිර්මාණය කළ වාර්තාමය වැඩසටහන

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...