Spear Phishing

හෙල්ලයක් යොදාගෙන එක් ස්ථානයකින් අනිනවාක් මෙන් Spear Phishing මගින් කෙරෙන්නේ කෙටි පණිවිඩයක් හෝ ඊ මේල පණිවිඩයක් ආදී මාර්ගයෙන් එවන ක්ලික් කෙරෙන ලින්කුවක් මගින් අදාල ඉලක්කගත පුද්ගලයාගේ ජංගම දුරකථනයට හෝ පරිගණකයට ඇතුල් වීමයි.

එයින් පසු එය එම පුද්ගලයා පිළිබඳ ඔත්තු බලන උපකරණයක් බවට පත්වනවා. ඔහු හෝ ඇය යවන සහ ඔහු හෝ ඇයට එන පණිවිඩ, දුරකථන ඇමතුම් යනාදිය පිළිබඳ අවධානය යොමු කිරීමට මෙම රහස් මෙහෙයුම ක්‍රියාවට නගන්නන් වෙත අවස්ථාව ලැබෙනවා.

එමෙන්ම එම දුරකථනයේ කැමරාව භාවිතා කරන්නත්, එහි මයික්‍රෆෝනය මගින් සවන් දෙන්නත් යනාදී වශයෙන් විවිධ දේ ඔවුන්ට කළ හැකි වනවා.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/pegasus-spyware-chamara-sumanapala/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...