යටත් නොවූ ජාතියක් නිදහස සැමරිය යුතු නැත
පණ්ඩුකාභය මහරජතුමා, එකල මෙහි වාසය කළ සංක්‍රමණික ආර්ය සහ භූමිපුත්‍ර අනාර්ය ජනතාවන් සමගි කොට, ඒකීය, ඒකඡත්‍ර රාජ්‍යයක් ගොඩ නැංවූ දා සිට ලංකා ඉතිහාසය පුරාවට, අපේ මාතෘ භූමිය කිසිඳු පරදේශක්කාර අධිරාජ්‍යයකට කිසිදා සපුරා යටත් වූයේ නැත.
වසර 2500 කට එපිට කාලයක් තිස්සේ පාණ්ඩ්‍ය , චෝර, චේර, චීන, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි අධිරාජ්‍ය වල ප්රහාරයන්ට වුවද, සතුරන්ට කිසිදා මේ බිම සපුරා යටත් කර ගත හැකි වූයේ නැත. අවසන ඉංග්‍රීසි අධිරාජ්‍යයට අයත් පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම නම් වූ කොම්පැනිය (East India Company) මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගෙන, උඩරට “සිංහලේ” රාජධානිය යටත් කරගැනීමට ආක්‍රමණ දියත් කළද, ඒ සියලු ආක්රමණික හමුදාවෝ “දන්තුරේ හටන” ආදී වාර ගණනාවකදී සමූලඝාතනය කර දැමීමට, අප වීරෝදාර මුතුන්මිත්තෝ සමත් වූහ.
යුද්ධයෙන් රට යටත් කරගත නොහැකි තැන සුදු කොම්පැනිකාරයෝ, සිය ශූර බුද්ධිය සහ කපටි නුවණ යොදවා, රජුට එරෙහිව සිංහල ප්‍රභූන් කුපිත කරවූහ. රජුද මත්පැනට ඇබ්බැහි කොට උමතු කරවූහ.
අවසන උඩරට රාජධානියේ හමුදාවල ප්‍රති විරෝධයකින් තොරව, කොම්පැනියේ හමුදා උඩරටට පැමිණ,උඩරට ප්රභූන්ගේ සහයෝගය ඇතුව අපේ රජු අත්අඩංගුවට ගෙන 1815 මාර්තු 15 උඩරට ප්‍රභූන් සමඟ සමගියෙන්, සහයෝගයෙන්, අපේ රට පාලනය කිරීම උදෙසා වූ උඩරට ගිවිසුමට අත්සන් තැබූහ. එනමුත් ඔවුහු ඒ ගිවිසුම වැඩිකල් නොයවා කඩකොට, කොම්පැනියේ සුපුරුදු නිර්දය පාලනය ආරම්භ කළහ. ගිවිසුමේ කොන්දේසි කඩ කළහ.
බූටෑවේ රටේ රාල තුමා ප්රමුඛ අප වීරෝදාර මුතුන්මිත්තෝ, වීර කැප්පෙටිපොල ආදී සිංහල ප්රභූන්ගේ ද නායකත්වයෙන් ඊට එරෙහිව 1818 කන්ද උඩරට ඌව වෙල්ලස්ස නිදහස් අරගලය මෙහෙය වූ නමුදු සුදු සිපයි (සිපොයි) හමුදාවල ම්ලේච්ඡත්වය පරාජය කිරීමට ඔවුහු අසමත් වූහ. ගම් දනව් වනසා, කුඹුරු කෙත්වතු ගිනි ලා ,වයස 18 න් වැඩි සියලු පිරිමින් මරා දමා, ස්ත්‍රීන් දූෂණය කොට, නිදහස් අරගලය ගින්නෙන් මර්දනය කර දැමීමට ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග්ගේ අණ අනුව ක්‍රියාකළ කොම්පැනි හමුදාවෝ සමත් වූහ. උඩරට නිදහස් අරගලය පරාජය විය.
මේ අරගලය මැඩීමට භාවිතා කළ ම්ලේච්ඡත්වය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී විවේචනයට ලක් වූ අතර ඒ හේතුවෙන් කොම්පැනි පාලනය අවසන් කොට ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පවරා ගැනීමට බ්‍රිතාන්‍ය රජු තීරණය කළේය.
අසාධාරණ බදු වලට එරෙහි 1848 මාතලේ මහජන නිදහස් අරගලයද දැඩි මර්දනයකට ලක් විය.
1914 වන විට බ්‍රිතාන්‍ය – ප්‍රංශ අධිරාජ්‍යයන් එක පසෙකින්ද, ජර්මන් (ප්‍රශියා/ Prussia) -, තුර්කි අධිරාජ්‍යයන් තවත් පසෙකින්ද බලවත්ව නැගුණහ. අවසාන සරයේවෝ සිද්ධිය නිසා මේ බලකඳවුරු දෙක අතර සීතල යුද්ධය සැබෑ යුද්ධයක් බවට පත් විය. මෙය පළමු ලෝක යුද්ධයයි. පළමු ලෝක යුද්ධයෙන් ජර්මන්(ප්‍රශියා/ Prussia ), ඔස්ට්‍රියන් – තුර්කි අධිරාජ්‍යයන් පරාජය විය.
පරාජයට පත් ජර්මනියට ඉතාම අසාධාරණ කොන්දේසි වලට යටත්ව සූරා කෑමට හා පීඩනයට ලක් වීමට සිදු විය. එවකට ප්රජාතන්ත්රවාදී ජර්මන් ආණ්ඩු අර්බුද විසඳීමට අපොහොසත් වූහ. මේ හේතුවෙන් ඇඩොල්ෆ් හිට්ලර්ගේ නායකතුමාගේ නායකත්වයෙන් යුතු ජාතික සමාජවාදී ආණ්ඩුවක් බලයට පැමිණ ෆැසිස්ට්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට රට දියුණුවෙන් දියුණුවට පත් කළහ. ඉතාලියේද බෙනීටෝ මුසෝලිනී නායකතුමාගේ නායකත්වයෙන් යුතු ෆැසිස්ට් ආණ්ඩුව මෙයම සිදු කළේය. ස්පාඤඤයෙද මීට සමාන තත්වයක් ජනිත විය. ජපන් අධිරාජ්‍යය ද චීනයට පහර දෙමින් බලවත්ව නැඟුනේය. එක පසෙකින් බ්‍රිතාන්‍ය – ප්‍රංශ අධිරාජ්‍යයට අයත් බල කඳවුර සහ ඇමරිකාව තිබූ අතර, අනිත් පසින් ජර්මන් – ඔස්ට්‍රියන් – හන්ගේරියන් – ඉතාලි – ජපන් සහ සෝවියට් අධිරාජ්‍යයන් යන බල කඳවුරුද තිබුණි.
දෙවන ලෝක යුද්ධය අතරතුර සෝවියට් දේශය අනිත් පිලට මාරු වූ අතර ජර්මනිය සෝවියට් රුසියාව අල්ලා ගැනීමට කළ බර්බෝසා මෙහෙයුම, ලෝක ඉතිහාසයේ සිදුවූ දරුණුම යුද ගැටුමක් විය. ජපන් හමුදා පර්ල් වරායට පහර දීම නිසා ඇමරිකාව බ්‍රිතාන්‍යයේ සහයට පැමිණියේය. නෙතාජි සුභාස් චන්ද්‍රබෝස් ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය විමුක්ති හමුදාව ජපන් ආධාර ඇතිව ඉන්දීය නිදහස වෙනුවෙන්, බ්‍රිතාන්‍ය හමුදා වලට එරෙහිව යුද වැදුණහ.
ඉතාලිය සහ ජර්මනිය යුද්ධයෙන් පරාජයට පත් විය. එනමුත් ජපානය දිගටම යුද වැදුණහ. ජපානය යටත් කිරීමට පරමාණු බෝම්බ දෙකක් හිරෝෂිමා – නාගසාකි නගර වලට අතහැර, මහා විනාශයක් සිදු කිරීමට ඇමරිකාව ක්‍රියා කළේය. දෙවන ලෝක යුද්ධය අවසන් වූ අතර නියුරන්බර්ග් නඩු විභාගය හරහා පරාජිත ජර්මන් නිලධාරීන්ට දඬුවම් නියම කෙරුණි.
දෙවන ලෝක යුද්ධයෙන් (1939- 1945) ජය ගත්තද, යුද්ධය නිසා බ්‍රිතාන්‍ය – ප්‍රංශ අධිරාජ්‍යයන් අති දැවැන්ත විනාශයකට ලක් විය. තවදුරටත් අධිරාජ්‍යයන් නඩත්තු කිරීමට අපහසු තත්වයක් ජනිත විය. තවද අධිරාජ්‍යය නඩත්තු කිරීමට කරන අපරාධ සම්බන්ධයෙන් දැවැන්ත විරෝධයක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කම්කරු පක්ෂයේ (Labour Party) පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතින් සිදු විය. දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් සතුරන්ට පමණක් දොස් පවරා, අපරාධ සාධාරණීකරණය කරගෙන, කෙසේ හෝ තවදුරටත් ඉදිරියට අධිරාජ්‍යය පවත්වා ගැනීමට සර් වින්ස්ටන් චර්චිල් මහතා වැනි සංරක්ෂණවාදීන් (conservatives) දැරූ උත්සාහය අසාර්ථක විය.
මේ වන විට මහත්මා ගාන්ධිතුමා , නේරුතුමා , පටේල් තුමා, ශ්‍රී චන්ද්‍රසේකර් අසාද් තුමා ආදී මහත්වරුන් ගේ නායකත්වයෙන් ඉන්දියාවේද, අනගාරික ධර්මපාලතුමා, බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා, සර් ඩී.බී ජයතිලක මහතා, ඩී. ඇස් සේනානායක මහතා, S.W.R.D බණ්ඩාරනායක මහතා ආදීන්ගේ නායකත්වයෙන් ලංකාවේද, සාමකාමී ක්‍රමවේද ඔස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව සෑහෙන ප්‍රතිරෝධයක් ගොඩනංවා තිබුණි. එයද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයේ බිඳ වැටීමට හේතු විය.
1947 – 1948 කාලයේදී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවලට ඩොමීනියන් තත්වය (ස්ව පාලනය) ලබාදීමට සුදු අධිරාජ්‍යයට සිදු විය. 1972 දී අගැමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඩොමීනියන් තත්වයෙන් රට මුදාගෙන රට ජනරජයක් බවට පත් කළාය.
මේ සමස්ත කතාවෙන් පෙනෙන්නේ කුමක්ද?
ලෝක ඉතිහාසය වනාහි බල අරගලයේ ඉතිහාසයකි. බල අරගලය වනාහි දේශපාලනයයි. එය විවිධ මට්ටම් වලින් සමාජයේ ක්‍රියාත්මක වේ.
සාමාන්‍යයෙන් අධිරාජ්‍ය වල බලය හමුවේ, ලෝකයේ තීරණාත්මක වැදගත් තැන් වල පිහිටා ඇති ලංකාව බඳු කුඩා දිවයින් වලට ස්වාධීනව විසීමට ඉඩක් ලැබෙන්නේ නැත. එනමුත් ලංකා ඉතිහාසය පුරාවට, අපේ මාතෘ භූමිය කිසිඳු පරදේශක්කාර අධිරාජ්‍යයකට කිසිදා සපුරා යටත් වූයේ නැත. බ්‍රිතාන්‍ය සුදු අධිරාජ්‍යය සමඟද හවුල්කාර පාලනයක් සම්බන්ධයෙන් සාමකාමී ගිවිසුමකට එළඹුණා පමණි. එය යටත් වීමේ ගිවිසුමක් නොවේ. එම ගිවිසුම කඩ කිරීමෙන් නීතිය කඩ කරමින්, බලහත්කාරී, ව්‍යවස්ථා (එවකට උඩරට ගිවිසුම) විරෝධී පාලනයක් ගෙන ගියේ ඉංග්රීසීන්ය.
ඔවුන් 1948 පෙබ. 04 තම බලහත්කාරී පාලනය අවසන් කරමින් පිටව යාම අප සැමරිය යුතුද?
යටත් නොවූ ජාතියක් නිදහස සැමරිය යුතු නැත.
eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.