Game එකකට ගිය ශ්‍රී ලංකාවේ මේජර් ජෙනරාල්

1992 අවුරුද්දේ අගෝස්තු මාසයේ 08 වෙනිදා යාපනයේ කයිට්ස් දූපතේ අරාලි තුඩුවේ ගමන් කරමින් තිබුණු හමුදා Land Rover රථයක්, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් වල දමලා තිබුණු පීඩන බෝම්බයකට හසු වෙලා පුපුරා යනවා. මේ පිපිරීම හදුන්වන්නේ විජයග්‍රහණය පෙනෙන තෙක් මානයේ තිබුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ කරපු සටනේ ආපසු හැරවුම් ලක්ෂ්‍යයක් විදිහටයි.

මේ සිදුවීම වෙන්නෙ Operation Final Count Down මෙහෙයුම ආරම්භ කරන්න ඔන්න මෙන්න තිබියදියි. ඔව්. මේ තමයි මේජර් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ගමන් කරමින් තිබුණු ජීප් රථය.

මේ ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වුණේ උතුරු ආඥාපති මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාට විතරක්ම නෙවේ.

යාපනය බලසේනාපති විදිහට රාජකාරි කළ බ්‍රිගේඩියර් විජය විමලරත්න සහ උතුරු ප්‍රදේශ භාර නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහ කියන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු තවත් නාවික සහ යුද්ධ හමුදා නිළධාරීන් 7 දෙනෙක් ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් ජීවිතය පූජා කළා.

මෙතනින් අපි විජය විමලරත්න මහතා ගැන විස්තර ටිකක් බලමු.

පාසල් සහ හමුදා අධ්‍යාපනය
කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1961 අවුරුද්දේ කැඩෙට් නිලධාරියෙකු විදිහට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සම්බන්ධ වෙන විජය විමලරත්න මහතා, ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුධ පුහුණුව හදාරලා තිබෙනවා. ඒ අවස්ථාවේදී විදේශිය කැඩෙට් නිලධාරියෙකු විදිහට ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ බළඇණි කැඩෙට් විධායක අධිකාරි තනතුරට පත් වුණු ප්‍රථම විදේශීය කැඩෙට් නිලධාරීවරයා වීමේ ගෞරවය එතුමාට හිමි වෙනවා.

ඉන් අනතුරුව 1963 අවුරුද්දේ ශ්‍රී ලංකා පාබල හමුදාවට සම්බන්ධ වෙන එතුමා, ක්‍රමයෙන් උසස් වීම් ලබමින් කපිතාන් ධූරය දක්වාම උසස් වීම් ලබනවා. 1969 වසරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගැමුණු හේවාබල ඇණිය ආරම්භ කිරීමත් එක්ක, ගැමුණු බල ඇණියේ ආරම්භක සාමාජිකයෙක් විදිහට ගැමුණු බල ඇණියට එකතු වෙනවා.

ප්‍රතිත්‍රස්ථ සහ නගරබද සටන් ක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මුලින්ම හඳුන්වාදීම සිදු කරනු ලැබුවේද එතුමා විසින් කියලා තමයි සැළකෙන්නෙ. ඒ, එතුමා මැලේසියාවේදී වනාන්තර යුධ පුහුණු පාඨමාලාවක් නිම කිරීමෙන් පසුවයි. ඒ විතරක් නෙවේ විමලරත්න මහතා කැම්බල්හි බ්‍රිතාන්‍ය යුධ හමුදා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකුත් වෙනවා.

ගජබා රෙජිමේන්තුව පිහිටුවීම
1982 අවුරුද්දෙදි එතුමා විජයබාහු පාබල රෙජිමේන්තුවේ පළමුවන බළඇණියේ අණදෙන නිලධාරියාවරයා විදිහට පත් වෙනවා. එතුමා ලුතිනන් කර්නල්වරයෙක් විදිහට උසස් වීම් ලැබීමත් මේ අවුරුද්දේම සිදු වෙනවා. 1983 අවුරුද්දේදී එතුමාගේ හමුදා ජීවිතයේ විශාල සංධිස්ථානයක් සනිටුහන් වෙනවා. ඒ, එතුමා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ගජබා රෙජිමේන්තුව හඳුන්වාදීමයි.

ඒ කාලය වන විට විසුරුවා දමා තිබුණු 1 වන රජරට රයිෆල් සහ 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ හමුදා සාමාජිකයන් ඒකාබද්ධ කරලා තමයි ගජබා රෙජිමේන්තුව නිර්මාණය වෙන්නෙ.

Operation Liberation
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් උත්සන්න වීම වගේම සුප්‍රසිද්ධ කළු ජූලිය ඇති වෙන්නෙත් 1983 අවුරුද්දෙදිමයි. යුද්ධය ආරම්භ වීමත් සමඟම ත්‍රස්තවාදීන් විනාශ කර දැමීමේ සටනට එකතු වෙන එතුමා 1987දි සිදු කෙරෙන Operation Liberation නොහොත් වඩමාරච්චි සටනට නායකත්වය ලබා දෙනවා.

ඒ, බළසේනා 3ක බලසේනාධිපතිවරයෙක් විදිහට සහ යාපනය ප්‍රදේශයේ නියෝජ්‍ය ආරක්ෂක සේනා ආඥාපතිවරයා විදිහට කටයුතු කරමින්. විජය විමලරත්න මහතාව හඳුන්වනු ලබන්නේ තමා යටතේ සිටින කිසිම නිළධාරීවරයෙකුගේ හමුදා ජීවිතය හෝ සිවිල් ජිවිතයට අහිතකර තීන්දු නොගත් නිළධාරීවරයෙක් විදිහටයි.

JVP කැරැල්ල
ඉන්දීය සාම සාධක හමුදාවේ පැමිණීමත් සමඟම වඩමාරච්චි සටනේ දෙවෙනි අදියරය නවතා දැමෙනවා. මේත් එක්කම ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ආරම්භ වෙනවා. දකුණෙන් ඇති වෙන කැරැල්ල නිසා ආයිත් කොළඹට කැඳවන විජය විමලරත්න මහතාට, කොළඹ අග නගරය ආරක්ෂා කිරීමේ වගකීම භාර කෙරෙනවා.

1989 වසරේදී කැරැල්ල මැඩපැවැත්වීමෙන් පස්සෙ එතුමා ආයිත් උතුරේ සටන ගැන අවධානය යොමු කරනවා.


Click on the Image to Get More Details | වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

යාපනය කොටුව මුදා ගැනීම සහ බලවේගය මෙහෙයුම
1990 අවුරුද්දේ යාපනය කොටුව ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගන්න වගේම, 1991 අවුරුද්දේදී සිදු කළ බලෙව්ගය මෙහෙයුමටත් එතුමා නායකත්වය ලබා දෙනවා.

මෙහෙයුම අතරතුරේදී එතුමා එක ස්ථානයක ඉදලා, එතනින් ඉවත්ව ගිහින් සුළු මිනිත්තු කිහිපයක් තුළ එම ස්ථානයට ත්‍රස්තවාදීන්ගේ මෝටාර් ප්‍රහාරයක් එල්ල වුණු සිදුවීමක් වාර්තා වෙනවා.

යාපනයේ ඇති වෙන සෑම හදිසි අවස්ථාවකදීම එතුමා ක්ෂණිකව එතුමාගේ හමුදා සෙබළුන් සමග ඒ ඒ ස්ථාන වලට ගමන් කළා.

ජාතියෙන් සමුගැනීම
කාලයත් එක්ක එතුමා යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා විදිහට පත් වෙනවා. අපි මුලින්ම සඳහන් කරපු එතුමාගේ හදිසි සමුගැනීම සිදුවෙන්නෙ එතුමා යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා විදිහට කටයුතු කරමින් සිටිනා මොහොතකයි.

1992 අගෝස්තු මස 08 වෙනිදා සිදු වුණු පීඩන බෝම්බ ප්‍රහාරයෙන් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා එම මොහොතේම මිය නොගිය බව අද වෙනකොට කවුරුත් දන්න දෙයක්.

ඒත් වාහනය පදවමින් සිටි විජය විමලරත්න මහතා නම් ඒ මොහොතේම දැයෙන් සමු ගත්තා.

ඒ කාලය වෙනකොට බ්‍රිගේඩියර් ධූරයේ හිටපු එතුමාව, එතුමාගේ සමු ගැනීමත් සමඟම මේජර් ජෙනරාල් නිලයට උසස් කෙරෙනවා.

එතුමාට ලැබුණු පදක්කම් වලින් කිහිපයක්
01. Rana Wickrama Padakkama
02. Rana Sura Padakkama
03. Republic of Sri Lanka Armed Services Medal
04. Army 25th Anniversary Medal
05. President’s Inauguration Medal
06. Sri Lanka Armed Services Long Service Medal
07. Vadamarachchi Operation Medal
08. Purna Bhumi Padakkama
09. Vishista Seva Vibhushanaya
10. Uttama Seva Padakkama
11. Desha Putra Sammanaya

Sid Meier’s Civilization VI
දැන් අපි Civilization VI පැත්තට හැරෙමු. Civilization VI කියන්නෙ Civilization කියන Strategic Type වර්ගීකරණයට අයත් වෙන Civilization පරිගණක ක්‍රීඩා මාලාවේ 6 වෙනි කොටසයි.

මේ කොටස එළි දක්වලා තිබෙන්නෙ 2016 අවුරුද්දෙයි. මේක හරියට අපි පුංචි කාලෙ සෙල්ලම් කරපු Age of Empires වගේ පරිගණක ක්‍රීඩාවක්. ඔයාලා දන්නවද මේ ක්‍රීඩාවට විජය විමලරත්න මහතාගේ නම සහ චරිතයත් ඇතුළත් කරලා තියෙනවා කියලා?

ඒ, Great General කෙනෙක් විදිහටයි. ඒ පිළිබඳව එයාලා මේ වගේ සඳහනක් කරනවා.

The Great General is a type of Great Person in Civilization VI dedicated to land warfare. Like all civilian units, Great Generals cannot directly engage with enemy units, but they do provide +5 Strength Combat Strength and +1 Movement Movement to land units within 2 tiles (provided they belong to the Great General’s owner and either the General’s era or the following one). Each Great General also has a unique ability that may be activated at least once, granting its owner a potentially game-changing bonus. The ability usually has to be activated in a tile containing a land combat unit, or in the open world on any land tile.

Vijaya Wimalaratne is an Information Era Great General in Civilization VI. His unit provides +5 Strength Combat Strength and +1 Movement Movement to Information era land units within 2 tiles.

Vijaya Wimalaratne can be retired to grant a Promotion level and +100% combat experience to a military land unit.

Great Generals may be claimed by any player who has earned enough Great General points. Encampments generate +1 Great General point per turn (except for Thành), +2 more if the city has built the Oracle, and provide an additional point for each building completed in that district. (For example, an Encampment with a Barracks, Armory, and Military Academy would generate +4 Great General points per turn.) Further points may also be earned by completing the Encampment Training project in a city with an Encampment. Players who do not have enough points may patronize a General by paying the difference using Faith Faith or Gold Gold.

The Alhambra wonder provides +1 Great General point per turn, and the Terracotta Army wonder provides +2 Great General points.

Players can also increase their Great General point yields by using the Strategos policy card, which generates +2 Great General points per turn. Once the player completes the Scorched Earth civic, the Strategos card is replaced with the Military Organization policy card, which generates +4 Great General points per turn. In Gathering Storm this policy card instead generates +2 Great General points for every Armory owned and +4 for every Military Academy owned.

The Hetairoi and Garde Impériale both gain +5 Great General points for every enemy killed.

The Stockholm Suzerain bonus (or Bologna in Gathering Storm) increases the number of Great General points generated from each Encampment district by +1. (Note that in Rise and Fall, this bonus is only active if the Encampment has a completed Barracks or Stable building.)

All Great General Great General point yields are doubled if Pingala with the Grants title is present in the city.

ශ්‍රී ලංකාව වගේ බොහොම පුංචි සහ ලෝකයේ ගොඩක් අය නොදන්න රටක හිටපු මේ වගේ ශ්‍රේෂ්ඨ චරිතයක නමක්, පරිගණක ක්‍රීඩාවකට මේ විදිහට හරි ඇතුළත් කරලා තිබීම ඇත්තෙන්ම අපි ශ්‍රී ලාංකිකයින් විදිහට සන්තෝස වෙන්න ඕන කාරණාවක්. මොකද ඒ පරිගණක ක්‍රීඩාවේ ඒ ඒ චරිත වල විස්තරත් සඳහන් වෙලා තියෙන නිසා, කුතුහලයක් ඇති වෙන ඕනම කෙනෙක් අන්තර්ජාලය ඔස්සේ හරි විජය විමලරත්න කියන්නෙ කවුද කියලා සොයා බලන්න පුලුවන් නිසා.

මීට අමතරව මේ පරිගණක ක්‍රීඩාවේ තවත් ශ්‍රේෂ්ඨ චරිත කිහිපයක්ම ඇතුළත් කරලා තියෙනවා. පහළින් සඳහන් කරලා තියෙන්නෙ ඒ චරිතවල නාමාවලියයි.

අපේ eLearning.lk YouTube Channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අය නම් දන්නවා විදෙස් දේශපාලන විශ්ලේශක සහ ලේඛක චාමර සුමනපාල මහත්මයා eLearning.lk අපි සමඟ සතිපතා ගෙන එන, ලොව සුපතල චරිත පිළිබඳව විග්‍රහ කෙරෙන Bio Map වැඩසටහන ගැන.

පසුගිය වැඩසටහන් වලදි අපි මේ චරිත වලින් කිහිපයක් ගැන සාකච්ඡා කළා. පහළ නාමාවලියේ, ඒ ඒ නම ඉස්සරහින් අපි සඳහන් කරලා තියෙන Links ඔස්සේ ඔයාලට පුලුවන් අපේ eLearning.lk YouTube Channel එකේ Bio Map වැඩසටහනේ, ඒ ඒ චරිතය පිළිබඳව වැඩි විස්තර දැනගන්න.

ඒ වගේම ඉදිරියෙදී මේ නාමාවලියේ එන තවත් චරිත ගැන ඒ වැඩසටහනේදී සාකච්ඡා කෙරෙනවා. ඒ නිසා දැන්ම අපේ eLearning.lk YouTube Channel එක Subscribe කරලා තියාගන්න > https://www.youtube.com/c/eLearningLK/videos

මෙතෙක් සාකච්ඡා කළ චරිත මෙන්න මේ Link එකෙන් බලන්න පුලුවන් .> https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlv-bqjXD5NO-8a5wls1rZr

01. Boudica
02. Hannibal Barca – https://bit.ly/3BUePdJ
03. Sun Tzu
04. Trưng Trắc
05. Æthelflæd
06. El Cid
07. Genghis Khan
08. Timur
09. Ana Nzinga
10. Gustavus Adolphus
11. Jeanne d’Arc
12. Dandara
13. José de San Martín
14. Napoleon Bonaparte – https://bit.ly/3pllV66
15. Rani Lakshmibai
16. Simón Bolívar
17. Tupac Amaru
18. John Monash
19. Marina Raskova
20. Samori Touré
21. Douglas MacArthur
22. Dwight Eisenhower – https://bit.ly/2X8K3iv
23. Georgy Zhukov – https://bit.ly/3cgWxJr
24. Sudirman
25. Ahmad Shah Massoud – https://bit.ly/2Yukwkb

ප්‍රධාන මූලාශ්‍ර
01. https://civilization.fandom.com/wiki/Great_General_(Civ6)
02. https://civilization.fandom.com/wiki/Vijaya_Wimalaratne_(Civ6)
03. https://en.wikipedia.org/wiki/Vijaya_Wimalaratne
04. https://alt.army.lk/gajabaregiment/si/si-founder-father-of-the-gajaba-regiment

හිමිකාරීත්වය
මෙහි පල කර ඇති සියලු ඡායාරූප වල හිමිකාරීත්වය eLearning.lk සතු නොවන අතර ඒවා ඡායාරූපගත කිරීමේ ගෞරවය ඒවායේ මුල් හිමිකරුවන් ලැබිය යුතුය.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.