කැනඩාවේ ටගිෂ් උල්කාෂ්මය

2000 වසරේ ශීත ඍතුවේදී කැනඩාවේ ටගිෂ් විලට කඩා වැටුණු උල්කාෂ්මයක් පරීක්ෂාවට ලක් කළ විද්‍යාඥයෝ පිරිසක් එහි තිබී කුහර සහිත, ගෝලාකාර කාබනික අණු විශේෂයක් සොයා ගත්හ.
ඩියුටීරියම් සහ නයිට්රජන්-15 සමස්ථානික වලින් සමන්විත වුණු මෙම අණු පෘථිවියේ දක්නට ලැබෙන කාබනික අණු වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවත්, ඒවා නිර්මාණය වී ඇත්තේ කෙල්වින් 10-20 වැනි පරාසයක තිබූ අධික ශීත පරිසරයකදී බවත් සොයා ගැනිණ.
සෙල්සියස් අංශක 0, කෙල්වින් 273ට සමාන වේ. එනම් කෙල්වින් 20 යනු සෙල්සියස් අංශක -253කි. මෙතරම් අධික ශීතලක් පෘථිවියේ කිසිදු ස්ථානයක නොමැත. එවන් ශීතලක් පැවතිය හැක්කේ නිහාරිකා ආශ්රිත ශීත වායු වලාවන් තුළය. (නව තාරකාවන් බිහි වන්නේ මෙම වායු වලාවන් මගිනි.)
පෘථිවියට ආසන්නතම නිහාරිකාව වනුයේ හේලීක්ස් ග්‍රහ නිහාරිකාවයි. මෙය පෘථිවියෙන් ආලෝක වර්ෂ 400ක් දුරින් පිහිටා තිබේ.
මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/aliens-are-there-and-the-origin-of-life