අලි මිනිස් ගැටුමට සැබෑ හේතුව

November 4, 2022

” ඇයි යාල වනය මැද්දෙ පුරාණ කෘෂි වැව් රාශියක් හම්බවෙන්නෙ? ඒ, එදා මිනිස් ජනාවාස පැවතුනු, වගා කරපු ප්‍රදේශ තමයි අද වෙනකොට රක්ෂිත කියලා වෙන් කරලා තියෙන්නෙ. ධාන්‍ය බෝග වගා කරන්න බෑ අධික වර්ෂාවක් තියෙන පැත්තක. ඒවා වවන්නෙ වියළි කලාපයේ. ඒ කලාප වල තමයි අපේ ආදි ජනාවාස හැදුනෙ. එතකොට මේ පැති වල මොනවද තිබ්ඛෙ? මේ පැති වල තමයි කැළෑ තිබ්ඛෙ.

නමුත් විදේශීය ආක්‍රමණිකයන් ආවට පස්සෙ ගැළපෙන්නෙ නැති සංවර්ධනයක් සිදු වුණා. ඊට පස්සෙ වැසි වනාන්තර තිබ්බ පැති ජනාවාසකරණයට ලක් වෙලා, වනාන්තර වල හිටපු සතුන් යාල, කුමන, මින්නේරිය වගේ වවන්න පුලුවන් පැති වලට ගියා. දැන් සත්තුන්ට මාස නවයක් පායනවා. කන්න බොන්න නෑ. ඒ නිසා එයාලා කලින් හිටපු ප්‍රදේශ වලට එන්න උත්සාහ කරනවා. ”

සම්පූර්ණ සාකච්ඡාව –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...