විශාලතම පිපුරුම?

1908 ජූනි මස 30 වන දින සයිබීරියාවේ තුන්ගුස්කා ගග අසබඩ පොඩ්කමෙන්නයා ප්‍රදේශයේදී වනයකට කුමක් හෝ අතිවිශාල වස්තුවක් ඉහළ අහසේ සිට කඩා වැටුණු අතර හිරෝෂිමා පරමාණු බෝම්බය මෙන් දහස් ගුණයක (TNT මෙගා ටොන් 30 ක්) ශක්තියක් නිදහස් කළ මෙම ඝට්ටනය හේතුවෙන් වනයේ වර්ග කිලෝමීටර 2150 ක ප්‍රදේශයක් ගස් මිලියන 80 ක්ද සමග සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය.

පිපුරුම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් 100 ක් දක්වා ඈතට කම්පන තරංග පැතිරුණි. රිච්ටර් මාපකයේ 5.0 අගය ගත් කම්පනයක් නිකුත් කළ මෙම පිපිරීම මෑත ඉතිහාසයේ පෘථිවිය මත ඇති වූ ප්‍රබලම පිපුරුමක් ලෙස වාර්තා වේ. ආකාශ වස්තුව පොළොව සමග ඝට්ටනය වීමට පෙරාතුව පිපිරී ගොස් ඇත.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/tunguska-explosion/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...