සෙල්ලිපි වර්ග

අප රටෙහි සෙල්ලිපි, භාහිර ස්වභාවය අනුව සහ අධ්‍යනයේ පහසුවට, වර්ග හතරකට නම් කළ හැක. ගල් ලෙන් වල කටාරමට ඉහළින් කොටා ඇති ලිපි ලෙන් ලිපි නමින් හදුන්වයි. කටාරමක් යනු ගල් ලෙන උඩ කෙටූ පීල්ලක හැඩය ගත් කාණුවක් වන අතර වර්ෂාවන් පතිත වන විට ගල් ලෙන උඩින් පැමිණෙන ජලය, ලෙන තුළට නොයා කාණුවට වැටෙයිි.
ගල් තලා මත සකස් කරන ලද ලිපි ගිරි ලිපි ලෙස හදුන්වනු ලබයි. එමෙන්ම සකස් කළ ගල් පුවරු වල ලියූ ලිපි පුවරු ලිපි ලෙසත්, ගල් කණු වල කෙටූ ලිපි ටැම් ලිපි ලෙසත් වර්ග කරනු ලබයි.
මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/stone-inscriptions-in-sri-lanka/