Unleash the power of ChatGPT – Sanjaya Elvitigala & Uditha Bandara

chatGPT වලින් වැඩ ගන්න හැටි ඉගෙනගෙන ඉන්න එක නුදුරු අනාගතයේ අනිවාර්ය Skill එකක්. ඉතින් මේ Skill එක හරියට හා වඩාත් ඵලදායීව පාවිච්චි කරන හැටි තාමත් ගොඩක් දෙනෙකුට අලුත් අත්දැකීමක්. ඉතින් අපි තීරණය කළා මේ දැනුම හා අත්දැකීම ඔයාලට නොමිළේ ලබා දෙන්න.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.