චීස් වල සිදුරු තිබෙන්නෙ ඇයි?

චීස් සාදන විට එම ක්‍රියාවලිය සඳහා බැක්ටීරියාවන් එකතු කරයි.

එම බැක්ටීරියා, කිරි වල ඇති ලැක්ටික් අම්ලය මත කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන අතර ඒ හේතුවෙන් චීස් තුල බුබුලු ඇති වෙයි. අප චීස් කපන විට එම බුබුලු අපට සිදුරු ලෙස දිස් වෙයි.

මීට අමතරව චීස් වලට රසයක් ලබා දීමටද මෙම බැක්ටීරියාවන්ගේ ක්‍රියාවලිය හේතු වේ.

මූලාශ්‍ර :
01. https://www.thekitchn.com/the-cheesemonger-that-hole-in-54377
02. https://www.livescience.com/33690-swiss-cheese-holes.html
03. https://culturecheesemag.com/cheese-bites/turn-eye-holes-cheese

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...