සරල විසදුම් ඇති එහෙත් දැනුමක් නොමැති අය නිසා ඇති වන Zoom ප්‍රශ්න

Online අධ්‍යාපනය නැවතත් පාසල් සදහා ආරම්භ කර ඇත. මේ සඳහා ළමයින් දෙදෙනෙක් හෝ ඊට වඩා වැඩි ගණනක් පවුලේ සිටින විට දෙමාපියන් ඒ පිළිබඳව මුහුණ දෙන ගැටලු පිළිබඳ අමුතුවෙන් ඔබ හට පැහැදිලි කර දිය යුතු නොවේ. මේ සඳහා ගත හැකි එක් සරල විසදුමක් වනුයේ අදාළ Zoom හෝ වෙනත් මෘදුකාංගයක් භාවිතයෙන් ඒ අදාළ Session එක පටිගත කර නැවත ලබා දීමය. එවිට අදාළ දෙමාපියන් හට තම රැකියාව කර හවස් යාමයේ තම දරුවන් සමග එය නැරඹීමට හැකිය.

නමුත් රජයේ පාසල් සදහා ලබා දී ඇති Zoom ගිණුම් සදහා Cloud Recoding පහසුකම නැත. ඇති එකම විසදුම Local Recoding පහසුකමය. නමුත් ගුරුවරයා ප්‍රධාන Host වූවත්, Record කිරීමට අවශ්‍ය වූවත්, බොහෝ දෙනෙකුට නිසි පුහුණුව නොමැති නිසා දෙමාපියන්ගේ Local Recording පහසුකමට, මෘදුකාංගය හරහා අවසර දීමට ඔවුන් නොදන්නේය.

මේ ඉතා සරල විසදුම ගැන නොදන්නා නිසා කොපමණ ළමුන් ප්‍රමාණයකට අධ්‍යාපනය මග හැරෙනවාද? කොපමණ දෙමාපියන් ප්‍රමාණයක් අසතුටෙන්ද? Online අධ්‍යාපනය අවශ්‍යම මොහොතේ අදාළ බලධාරීන් ඒ පිළිබදව නිසි පුහුණුව ගුරුවරුන්ට ලබා දී ඇත්ද?

(Screen Record කර මෙය නැවත දෙමාපියන් හට ලබා දීම, විශාල File Size එක නිසා ප්‍රායෝගික විසදුමක් නොවේ. ඒ සදහා වෙලාව සොයා ගැනීමට, තාක්ෂණය භාවිතය හුරු දෙමාපියන්ට හැම විටම ක ළ නොහැක)

———————————
Zoom Online අධ්‍යාපනය පිලිබද රජයට සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම් eLearning.lk අප ආයතනය විසින් සැකසූ අංග සම්පූර්ණ Zoom පාඨමාලව සියලුම රජයේ ගුරුවරුන් හට නොමිළේ ලබා දීමට කටයුතු කළ හැක : https://elearning.lk/course/how-to-use-zoom-video-conferencing-software-step-by-step-tutorial-for-beginners-in-sinhala
(විමසීම් : 075 6 700 700 | support@elearning.lk)

මේ පිළිබඳ ව හා Online අධ්‍යාපනය පිළිබඳ eLearning.lk අප ආයතනයේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂක සංජය ඇල්විටිගල මහතා කළ සාකච්ඡාවක්.

මෙම පණිවිඩය හැකිතාක් Share කරන්න.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...