අපේ යුතුකම

August 27, 2020

වසර 2000 දී පමණ ඩුබායි ගුවන් තොටුපොලේදී ගුවන් යානා පමාවක් නිසා අහම්බෙන් මා සමග කතාබහේ යෙදුනු චීන ජාතිකයෙක් මට අපූරු කතාවක් කීය. එකල මගේ කථන පාලනයේ අඩුපාඩු කම් බොහෝ තිබුණි (අද නම් මම මුල් වරට හමු වූ අමුත්තකුගෙන් කෙසේවත් මෙසේ නොඅසමි).

“ඔබේ රටේ පාලකයන් හරිම අමානුශිකයි, ඔවුන් ඔබේ නිදහස අහුරලා, ඔබලා කතා කිරීමටත් බියයි. ඔබට හිතෙන්නේ නැද්ද කවදා හරි ඔබේ රට මහා විනාශයකට පත්වෙනවා කියා, සෝවියට් දේශයට උනා වගේ?”

මගේ චීන මිතුරා සිනාසුනි.

“වෙන්න පුළුවන්” ඔහු කීය. චීන සමාගමක බ්‍රිතාන්‍ය ශාකාවේ නිලධාරියෙක්වන ඔහුගේ ඉංග්‍රීසි බස චතුර විය.

“අපිට තියෙන වැඩත් එක්ක ආණ්ඩු කරන අය මොනවද කරන්නේ කියල හිත හිතා ඉන්න අපිට වෙලාවක් නැහැ. ඒ අයගේ වැඩ අපි කරන්න යනවා නම් ඒ අය මොකටද? පුරවැසියෙක් විදියට අපේ යුතුකම් අපි කරන්න ඕනේ කියන එක තමයි අපි බොහෝ දෙනෙක් හිතන්නේ. පාලකයෝ වරද්ද ගත්තොත් ඒක අපේ අවාසනාව. එහෙම කියල අපේ යුතුකම් අපි නොකර හිටියොත් කොහොමටත් අපි විනාශ වෙනවා”. චීන යාළුවා ඔහුගේ සිනහව නිරතුරුවම මුවෙහි රඳවා ගනිමින් කියාගෙන ගියේය.

අද වසර 20ට පසු චීනය එදාට වඩා බොහෝ සෙයින් ප්‍රභලය. එය සෝවියට් දේශය පසුපස යන පාටක් නැත. මා දැන් කියන්නේ එදා චීනා කී ජනතාවගේ යුතුකම්වලට මා වෙතින් අඩුවැඩිය පිරවුණු විස්තරයයි. තමා කාට චන්දය දුන්නත්, පත් වූ රජයට තමා කැමති වුනත් නැතත්, සියලු දෙනාගේ යහපත උදෙසා අප සියලු දෙනාටම කල හැකි දේවල් කිහිපයක් තිබේ. ඊළඟ වර රජය විවේචනය කිරීමට පෙර අපි මේ යුතුකම් ඉටු කරන්නේදැයි සිතා බලමු.

1. නිරෝගී ජිවිතයක් ගතකරන්න
ලංකාවේ ජනතාව භාවිතාකරන බටහිර ඖෂධ හෝ ඖෂධ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වලින් 99% ම පිටරටින් ගෙන්වයි (මා වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න). මේ අනුව ඔබ අසනීපයකට රජයේ හෝ පෞද්ගලික ආයතනයකින් ගන්නා සෑම බෙහෙත් වේලකටම විශාල විදේශ විනිමයක් පිටරටට ඇදී යයි. ඔබ ප්‍රතිකාර ගන්නේ රජයේ රෝහලකින් නම් ඔබට ලැබෙන බෙහෙත් සඳහා ලංකාවේ සෑම පුරවැසියකුම මුදල් ලබා දෙයි.

මදක් කල්පනා කරන්න. ඔබ කවදාවත් සිතා ඇද්ද නිරෝගීව ජීවත්වීම රටට ඔබගෙන් ඉටුවිය යුතු යුතුකමක් බව? ඔබ ආහාර පාන ගැනීමේදී කෙතරම් සැලකිලිමත්ද? සුප් කැටයේ සිට ක්ෂණික නූඩල්ස් හරහා කෝලා සහ පැණි බීම වර්ග දක්වා ඔබ ආහාරයට ගන්නේ ශරීරයට දෙතිස් වද දෙන විෂ බව ඔබ සිතුවාද? මත්පැන් සහ දුම්වැටි භාවිතා කරන්නෙක් නම් එහි සිරුරට අහිතකර සීමා පිළිබඳව සිතනවාද? ව්‍යායාම කිරීමට ඔබ කෙතරම් දුරට යොමු වෙනවාද? ගෙදර කාන්තාවන්ගේ සෞඛ්‍යය පිළිබඳව ඔබ කෙතරම් සැලකිලිමත්ද? ලංකාවේ බහුතරයක් කාන්තාවන් වයස 35 ඉක්මවන විට කොන්දේ කැක්කුම්, ස්නායු ආබාධ සහ හිසරදයන්ට ලක් වන බව ඔබ දන්නවාද?

ඊට හේතුව ඔවුන් සීමාව ඉක්මවා වෙහෙසකාරී ගෘහස්ත වැඩවල යෙදීම, අවශ්‍ය ව්‍යායාමවල නොයෙදීම (බොහෝ විට නිවසේ අනෙක් අයගෙන් ධෛර්ය ගැන්වීමක් හෝ උපදෙසක් නොලැබීම නිසා), සහ මානසික ආතතිය වැනි කාරණා බව වටහා ගෙනද?

ලිපිය දිගටම කියවන්න >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.