ආපසු ගෙවීමක් හෝ අයිතිය පවරා ගැනීමක් නැතුව ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය අපි දෙනවා – Tribefunds.lk

ලංකාවේ නව ව්‍යාපාර වලට තියෙන ලොකුම බාධකයක් තමයි මුලික ප්‍රාග්ධනය (seed funding) ලබා ගැනීමේ අපහසුව. බැංකුවකට ගියොත් ඔබට වත්කමක් නැත්නම් නායක ගන්න බෑ, ඔබ ආයෝජකයෙක් සම්බන්ද කරගත්තොත් මුල් අවදියේම ඔබට ව්‍යාපාරයෙන් විශාල කොටසක් ඔවුන්ට පවරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ හිසරද මුකුත් නැතුව ලේසියෙන් ලක්ෂ 5-10ක් ලබා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ජනසම්මාදම. මේක කොහොමද වෙන්නේ කියල දැනගන්න TribeFunds.lk නිර්මාතෘ රොෂාන් රණසිංහ සමග කල කතාබහයි මේ.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.