කෘතිම ඉරක්?

February 28, 2020

මතකද පහුගිය දවසක අපි චීනයෙන් කෘතිම සඳවල් නිර්මාණය කිරීමේ ආරංචියක් ගෙනාවා? අද අපි අරන් එන්නෙත් ඒ වගේම තවත් ආරංචියක්. ඒ තමයි චීනයෙන් කෘතිම ඉරක් නිර්මාණය කිරීමේ ප්‍රවෘත්තියක්.

මේ කෘතිම සූර්යයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 100කටත් වැඩියි කියලා තමයි මේ ව්‍යාපෘතියට එකතු වෙලා ඉන්න විද්‍යාඥයන් කියන්නෙ. ඒ කියන්නෙ ස්වභාවික සූර්යයාටත් වඩා 6 ගුණයක් විශාල උෂ්ණත්වයක්.

කෘතිම ඉරක් කිව්වට මේක, ස්වභාවික ග්‍රහ වස්තුවක් නම් නෙවේ. මේක ඇවිල්ලා විශාල කෘතිම උපකරණයක්.

මේ විදිහට කෘතිම ඉරක් නිරාමාණය කිරීමේ අරමුණ තමයි, සූර්යයාගේ සිදු වෙන Fusion Reaction, එහෙමත් නැත්නම් විලයන ක්‍රියාවලිය නැවත නැවත කෘතිමව සිදු කරගන්න පුලුවන් වීම.

හයිඩ්‍රිජන් න්‍යශ්ටීන් දෙකක් එකට එකතු වුණාම අති විශාල ශක්තියක් නිපදවෙනවා. ඒක තමයි න්‍යෂ්ඨික විලයනය කියලා කියන්නෙ. එහෙම තමයි අපේ ස්වභාවික සූර්යයා, ආලෝකය සහ තාපය නිපදවන්නෙ.

ඒ ක්‍රියාවලිය පිරිසිදු, තිරසාර සහ බලවත් නිසා බලශක්ති ගැටළු විසදන්න ලොකු උදව්වක් වෙයි කියලත්, මේ කෘතිම ඉරේ දිගු කාලීන විකිරණශීලී අපද්‍රව්‍ය නැති නිසා විශාල පරිමාණයේ පාදක බරකින් බල ශක්තිය නිෂ්පාදනය කරන්න පුලුවන් වෙයි කියලත් විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා.

* වැඩි විස්තර සඳහා : https://www.abc.net.au/news/2018-11-15/china-attempts-to-create-an-artificial-sun/10495536


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.futurism.com
* වීඩියෝව : Tech Insider | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.