කෘතිම බුද්ධිය භාවිතයෙන් විද්‍යාඥයන් බලවත් ඖෂධයක් සොයා ගනියි?

February 24, 2020

ලෝකයේ පළවෙනි වතාවට කෘතිම බුද්ධිය ඔස්සේ ප්‍රතිජීවකයක් (Antibiotic) හොයා ගන්න විද්‍යාඥයන් පිරිසක් සමත් වෙලා තියෙනවා. ඒ, මිනිස් මොළයයේ ආකෘතියට සමාන ඇල්ගොරිදමයක් භාවිතයෙන් ඉතාමත් සුළු දින කිහිපයක් ඇතුළත රසායනික සංයෝග මිලියන සීයකට වඩා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි.

විද්‍යාඥයන් හෙළි කරන විදිහට අලුතින් හොයා ගෙන තියෙන සංයෝගයට මාරාන්තික වර්ගයේ බැක්ටීරියා වර්ග 35ක් විනාශ කරන්න පුලුවන්. ඒ වගේම මේ ප්‍රතිජීවකය එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ හොයාගෙන තියෙන ප්‍රබලතම ප්‍රතිජීවක වලින් එකක්.

සම්පීඩන ආබාධ (Obsessive Compulsive Disorder) වලින් පෙලෙන අයට ප්‍රතිකාර කරන්න, මේ අලුත් ප්‍රතිජීවකය භාවිතා කරන්න විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.

මේ අතරේ Google Health සමාගමෙන් අලුතෙන් ඇල්ගොරිදමයක් නිර්මාණය කරලා, කාන්තාවන් 29 000කට ආසන්න සංඛ්‍යාවක X Ray රූප, ඒකට කියවන්න ඉඩ දීලා තියෙනවා.

මේ ඇල්ගොරිදමයේ කාර්යක්ෂමතාව සහ නිවැරදිභාවය මිනිස් විකිරණවේදීන් 6 දෙනෙකුට වඩා බලවත් කියලා ඒ පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා.

* වැඩි විස්තර සඳහා : https://www.bbc.com/news/health-51586010


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.squarespace.com
* වීඩියෝව : Health And Science | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.