දක්ෂතාවයට ගැලපෙන නිවැරදිම වෘත්තියක් තෝරාගන්න විදිහ – වෘත්තීය මාර්ගෝපදේශිකා Chandima Rodrigo

අද අපේ වැඩසටහනට සහභාගී වෙන්නේ අපේ රටේ අත්දැකීම් බහුල වෘත්තීය මාර්ගෝපදේශිකාවක් වන චන්දිමා රොද්‍රිගෝ මහත්මියයි.

අද අපේ සාකච්ඡාවේ ඉලක්කගත කෙරෙන්නෙ අපේ රටේ කුඩා දරුවන්, පාසල් යන දරුවන් සහ විශ්වවිද්‍යාල වල සිසුන් ලබන අධ්‍යාපනය, කොයිතරම් දුරට සාර්ථකද සහ සහජ දක්ෂතා හඳුනා ගැනීම ඔස්සේ මානව සම්පත් “පලදායී” විදිහට කළමනාකරණය කරගන්නෙ කොහොමද කියලයි.

ඒ අනුව…. පෞර්ෂත්ව ලක්ෂණ තුළින් කෙනෙකුගේ සහජ කුසලතා හදුනා ගන්නෙ කොහොමද? අපේ රටේ අධ්‍යාපන ක්‍රමය නිවැරදිද? අනාගත සිහින ජය ගන්න, තමන්ගේ දක්ෂතා භාවිතා කරන්න ඕන කොහොමද? ඉගෙනගන්න තමන්ට ගැළපෙන ක්‍රමය තෝරාගන්නෙ කොහොමද? ඒ සඳහා භාවිතා කළ හැකි මිනුම් මොනවාද? අපේ රටේ රැකියා වෙළදපල සහ බුද්ධි මට්ටම් අතර පවතින සම්බන්ධය මොන වගේද? තමන්ට සුදුසු වෘත්තියක් තෝරාගන්නෙ කොහොමද? නිවැරදිව මානව සම්පත් කළමණාකරණය කරගන්නේ කොහොමද? යන ආදී වශයෙන් කරුණු ගොඩක් අද අපි සාකච්ඡා කරනවා.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.