2015 TB145 මිනිස් හිස්කබල

November 23, 2021

2015 ඔක්තෝබර් 31 පැවැත්වුණු හැලොවීන් දිනයේ පෘථිවිය ආසන්නයෙන් බැලූ බැල්මට මිනිස් හිස්කබලක් ලෙස දිස්වන ග්‍රහාකයක් ගමන් කළේය.

2015 TB145 යනුවෙන් නම් කෙරුණු මෙම යෝධ ආකාශ වස්තුවෙහි එක් පසෙක ස්වරෑපය ආලෝකය හමුවේ මිනිස් හිස්කබලක ආකාරයට දිස්වන බව දක්නට ලැබුණේ රේඩාර් ඡායාරූපවලිනි. මීටර් 600ක විෂ්කම්භයකින් යුතු 2015 TB145 සෑම පැය පහකටම වරක් තමා වටා භ්‍රමණය වෙයි. එමෙන්ම දැනට සොයාගෙන ඇති ආකාරයට මෙය මියගිය වල්ගා තරුවකි.

දැනට සිදුකර ඇති නිරීක්ෂණ කටයුතුවලට අනුව නැවත වර්ෂ 2027 දක්වා කිසිදු ආකාශ වස්තුවක් පෘථිවියට මෙතරම් ආසන්නයෙන් ගමන් කරන්නේ නැත.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය – https://elearning.lk/blog/past-astronomical-events

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...