කිම් ජොන්ග්-උන්ගේ පියවරු

April 28, 2020

ඒ 1990 වසරේ අගෝස්තු මාසයයි. ජෝර්ජ් බුෂ් (ජේෂ්ඨ) ගේ ඇමරිකානු හමුදා වැලි කුණාටු මෙහෙයුම (Operation Desert Storm) අරඹා තිබුණි. රටවල් කිහිපයක් තම විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියදී ඇමරිකාව ප්‍රමුඛ රටවල් 35කින් සැදුම් ලත් මාරක හමුදාව සදාම් හුසේන්ගේ ඉරාකය ආක්‍රමණය කරමින් බෑක්ඩෑඩ් නගරය වෙත ගමන් කළේය. ඇමරිකාව එවර කියා සිටියේ ඉරාකය කුවේටය ආක්‍රමණය කිරීමට එරෙහිව තමන් ක්‍රියාත්මක වන බවයි.

ඉන් වසර 13කට පසු ඇමරිකාව නැවතත් ඉරාකය ආක්‍රමණය කළේය. එවර ඇමරිකාව ප්‍රකාශ කලේ සදාම් හුසේන් න්‍යෂ්ටික සහ රසායනික අවි නිපදවන නිසා ඔවුන් මෙම ආක්‍රමණය සිදු කරන බවයි. ඉන් දශකයකට පමණ පසු ඔවුන් මෙම ප්‍රකාශය වැරදි නිගමන මත කරන ලද බව සඳහන් කළේය. ඒ වැරදි නිගමනයට දහස් ගණනකගේ ජිවිත අහිමි කිරීමටත්, වසර ගණනාවක් ගතවන තුරු (අදටත්) එවකට නොයෙකුත් දුර්වලතා මධ්‍යයේ වුවද සශ්‍රිකව පැවතී ඉරාකය අපායක් බවට පත්කිරීමටත් හැකිවිය.

මගේ පෞද්ගලික මතය නම් එදා පළමු ආක්‍රමණ අවස්ථාවේදී සදාම් හුසේන් වෙනුවට කිම් ජොන්ග්-උන් කෙනෙක් ඉරාකයේ සිටියා නම් අද ඉරාක වැසියන් මීට වඩා බොහෝ සෙයින් යහපත් ජීවන තත්වයක් ලබන බවයි.

සදාම් හුසේන්ට එක තැනකදී හොඳටම වැරදුනි. ඒ වැරැද්ද ආපසු හැරවීමට ඔහුට තම මරණය තෙක්ම නොහැකි විය.

1990 වසර වන විට අසල්වැසි පකිස්ථානය සහ ඉරානය තම න්‍යෂ්ඨික වැඩපිළිවෙලවල් වේගයෙන් ඉදිරියට ගෙන යමින් තිබුණි. ඒ අනුව අනිවාර්යයෙන්ම ඉරාකයේද යම් න්‍යෂ්ඨික වැඩ පිළිවෙලක් තිබෙන්නට ඇත. එවකට ඉන්දියාව න්‍යෂ්ටික අවියක් නිපදවීමේ ක්‍රමවේදයට අවතීර්ණ වී තිබුණු අතර ඔවුන් රුසියන් කදවුරට කිට්ටුවෙන් සිටියේය. මෙය ඇමරිකන් කඳවුරට පක්ෂපාති වූ පකිස්ථානයට තම න්‍යෂ්ඨික වැඩපිළිවෙල සාධාරණීකරණය කර ගැනීමට කදිමට ඉවහල් විය. ඉරානය ප්‍රභල ඇමරිකන් විරෝධී ස්ථාවරයක සිටි අතර ඔවුනට පහර දීමට ඇමරිකාව හේතුවක් සොයමින් සිටියේය. එය ඔවුනට මෙතුවක් නොලැබුණි. දැන් ලැබුනත් පමා වැඩිය.

කලක් ඇමරිකන් හිතවාදී වූ සදාම් රජය, ඇමරිකාව විසින් මැද පෙරදිග තෙල් නිධිය මංකොල්ල කන බව එක් අවස්ථාවකදී අවබෝධ කරගත්තා යැයි මට සිතෙයි. මන්ද ඔහු ක්‍රමයෙන් ඇමරිකාව අතින් තම රටේ තෙල් වල අධිකාරිය තමාටම පවරා ගැනීම සිදු කරමින් සිටි බැවිනි. මේ නිසා බුෂ් රජයට සදාම් හුසේන්ගේ අවසානය දැකීමට අවශ්‍යවී තිබෙන්න ඇත.

ඉරාකයට යාබද මැදපෙරදිග කලාපයේ තෙල් නිධිය ඇත්තේ තිරසට තරමක් ඇලවුනු බිත්තරයක ආකාරයෙනි. බිත්තරයේ එසවුණු තෙල් අඩු ප්‍රදේශය කුවේට් රාජ්‍ය දෙසටත් තෙල් පිරුණු පහල කොටස ඉරකය දෙසටත් වන පරිදි මෙම ආකරය පිහිටා ඇත. ඉරාකයට රිදවීම සඳහා ඇමරිකාව සිදුකලේ බටහිර ගැති කුවේටයේ තෙල් ආකර තුලින් තිරස් අතට විදීමෙන් ඉරාක කොටසේ ඇති තෙල් ඉවතට ගැනීමයි.

මෙහිදී සදාම් හුසේන් ඇමරිකානු ඇමට හසු විය.

ලිපිය දිගටම කියවන්න >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.