කොරෝනාව නිසා චීනයේ වායු දූෂණය පහතට?

March 2, 2020

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් එක්ක චීනයේ වායු දූෂණය සීඝ්‍රයෙන් පහළ ගිහින් තියෙනවා. මේ බව නාසා ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය නිකුත් කරපු කෘතිම චන්ද්‍රිකා වලින් ලබා ගත්ත ඡායාරූප කිහිපයකින් පැහැදිලි වුණා.

මේ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් එක්ක චීනයේ ගොඩක් කර්මාන්ත ශාලාවල වැඩ කටයුතු නතර වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි සේවකයින්ගේ අඩුව. රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම නිසා ගොඩක් සේවකයන් සේවයට වාර්තා කරන්නෙ නෑ. ඒ වගේම සමහර ප්‍රදේශ මුද්‍රා තබලා. ප්‍රවාහන කටයුතු නැවතිලා.

ඉතින් මේ අලුත්ම චන්ද්‍රිකා ඡායාරූප අනුව 2020 ජනවාරි 01 ඉදලා ජනවාරි 20 දක්වා කාලයේ චීනයට වඩා ඉහළ අහසේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායු විශාල ප්‍රමාණයක් පෙන්නුම් කරලා තිබ්බත්, 2020 පෙබරවාරි 10 ඉදලා පෙබරවාරි 25 දක්වා කාලයේ නයිට්‍රිජන් වායුවේ අංශු මාත්‍රයක්වත් පෙන්නුම් කරලා නෑ.

නාසා ආයතනයේ විද්‍යාඥයන්ට අනුව මේ වායු දූෂණයේ අඩු වීම මුලින්ම ආරම්භ වෙලා තියෙන්නෙ, වෛරසය ව්‍යාප්ත වෙන්න ගත්ත මුල්ම ස්ථානයක් වුණු වූහාන් වලිනුයි.

නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන්නෙ මෝටර් වාහන, විදුලි බලාගාර සහ කාර්මික වැඩ කටයුතු නිසා හටගන්න කහ-දුඹුරු පාටවල් වලට හුරු වායුවක්.

කැස්ස, ඇදුම සහ හුස්ම ගැනීමේ අපහසුතා වගේ ශ්වසන ආබාධ ගොඩකට මේ වායුව වගකියන්න ඕන.

* වැඩි විස්තර සඳහා : https://edition.cnn.com/2020/03/01/world/nasa-china-pollution-coronavirus-trnd-scn/index.html


උපුටා ගැනීම් :
* ඡායාරූප : www.edition.cnn.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.