පළමු ලෝක යුද්ධය අප්‍රසිද්ධ ඇයි…?????

“දෙවන ලෝක යුද්ධය” කියන්නේ ලෝකයේ කතාබහට ලක්වෙන මාතෘකා අතරින් වැඩිම පිරිසක් අවධානය යොමු කරන බොහොම රසවත් මාතෘකාවක්. හැබැයි, “පළමු ලෝක යුද්ධය” කියන මාතෘකාව ගත්තොත්, ඒ ගැන හොයලා බලන්නෙ සහ කතා කරන්නෙ කීයෙන් කී දෙනාද…????

අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ “ඇයි දෙවන ලෝක යුද්ධය තරම්, පළමු ලෝක යුද්ධය වර්තමානයේ ප්‍රසිද්ධ නොවෙන්නේ සහ කතා බහට ලක් නොවෙන්නෙ කියලයි.

පළමු ලෝක යුද්ධය කියන මාතෘකාව වැඩි අවධානයක් දිනා ගන්න අසමත් වුණේ ඇයි කියන ප්‍රශ්නයට සමහරක් උත්තර තියෙන්නෙ දෙවෙනි ලෝක යුද්ධය වැඩි අවධානයක් දිනා ගන්න සමත් වුණේ ඇයි කියන මාතෘකාව ඇතුළෙයි. ඒ නිසා අපිට පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය ගැන සංසන්දනය කිරීමක් කරන්න වෙනවා.

01. දෙවන ලෝක යුද්ධයේ දකින්න ලැබෙන හිට්ලර්, චර්චිල්, හිරෝහිතෝ, ස්ටාර්ලින්, රූස්වෙල්ට්, මුසොලීනි වගේ මහා පෞර්ෂයක් තියෙන ප්‍රබල චරිත, පළවන ලෝක යුද්ධයේදී දකින්න නොලැබීම

02. පළවන ලෝක යුද්ධය සැබවින්ම ලෝක යුද්ධයක් නොවීම (රාජ්‍යන් සුළුතරයක් පමණක් සම්බන්ධවීම) සහ දෙවන ලෝක යුද්ධයට රටවල් අටක් නවයක් හැරුණුකොට, අනිත් සියලුම රටවල් සෘජුව හෝ වක්‍රව සම්බන්ධවීම

03. දෙවන ලෝක යුද්ධයේදී මෙතෙක් කල් අහපු දැකපු නැති ගොඩක් දේවල්, මුල් වතාවට අහන්න දකින්න ලැබීම (න්‍යෂ්ඨික බෝම්බ, මිනිස් වධකාගාර සහ පරීක්ෂණාගාර, රසායනාගාර, Unit 731, සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම {අදුරු යුගයෙන් පසුව})

04. පළවන ලෝක යුද්ධයට වඩා දෙවන ලෝක යුද්ධයේ රසවත් සහ සිත්ගන්නා සුළු සන්ධිස්ථාන / කතා / මෙහෙයුම් තිබීම (නෝර්මැන්ඩි ආක්‍රමණය සහ ඔමාහා ආක්‍රමණය {D Day}, පෝලන්ත ආක්‍රමණය, පර්ල් වරායේ ප්‍රහාරය, ස්ටාලින්ග්‍රාඩ් ආක්‍රමණය)

05. දෙවන ලෝක යුද්ධය තිබුණු කාලයට වඩා, පළවන ලෝක යුද්ධය තිබුණු කාලයේ රේඩියෝ, රූපවාහිනී / වීඩියෝ / ඡායාරූප මාධ්‍ය එතරම් දියුණු තත්වයක නොතිබීම

06. ඒ හරහා හරියාකාරව තොරතුරු සහ දත්ත එක් රැස්වී නොතිබීම නිසා අද වන විට වාර්තාමය වැඩසටහන්, කතා මාලා, චිත්‍රපට, පරිගණක ක්‍රීඩා, කොමික්ස් ආදීය නිර්මාණය කිරීමට නොහැකිවීම

07. දෙවන ලෝක යුද්ධයට සහභාගීවූවන් අදටත් ජීවතුන් අතර හිටියත්, පළවන ලෝක යුද්ධයට සහභාගීවූවන් ජීවතුන් අතර නොසිටීම

08. දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියෙන් සහ ජපානයෙන් අත්පත් කර ගන්නා දේවල් හරහා, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව සහ රුසියාව අතරේ සීතල යුද්ධය සහ අභ්‍යාවකාශ යුද්ධය නිර්මාණයවීම

09. දෙවන ලෝක යුද්ධයෙන් පසුව යටත්විජිතවාදය අවසන් වීම, ලෝක ආර්ථිකය කඩා වැටීම, පිරිමි සේවා නියුක්තිකයන්ගේ හිගකම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීම වගේ කරුණු

10. දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස පෙනිසියුලීන් සොයා ගැනීම, පරිගණක සොයා ගැනීම, නවීන අවි ආයුධ නිර්මාණයවීම, කොමාන්ඩෝ වැනි විශේෂ ඒකක බිහිවීම

11. දෙවන ලෝක යුද්ධයේදී රුසියානු සහ ජපන් හමුදා අනුගමනය කරපු සමහරක් අරුම පුදුම දේවල් (Banzai Charge {සතුරා ඉදිරියට නොනවත්වාම දුවගෙන ඒම}, පරාජයේදී සියදිවි නසා ගැනීම, මරාගෙන මැරීම, පසු බසින තමන්ගෙම හමුදා සාමාජිකයන්ව ඝාතනය කිරීම, සිරකරුවන්ගෙන් බලෙන් රුධිරය ලබා ගැනීම)

12. දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කිරීම සැමරීම (Victory Day) අදටත් යුරෝපා සහ රුසියානු රටවල් සිදු කළත්, පළමු ලෝක යුද්ධය සම්බන්ධව එවැනි සැමරීම් ජාත්‍යාන්තර මට්ටමින් සිදු නොවීම

13. දෙවන ලෝක යුද්ධයේදී සිදු වූ හානිය, පළමු ලෝක යුද්ධයේ සිදු වූ හානියට වඩා සිය දහස් ගුණයකින් විශාල වීම

14. දෙවන ලෝක යුද්ධය සඳහා සෑම රටක්ම පාහේ සම්බන්ධ වූ බැවින් යුද්ධයේදී භෞතික සම්පත්, මානව සම්පත් සහ ආර්ථිකයන්හී සිදු වුණු හානිය සෑම රටකටම බලපෑම

15. පළමු ලෝක යුධ සමයට වඩා දෙවන ලෝක යුධ සමයේ තාක්ෂණය, අවි ආයුධ, යාන වාහන සහ උපක්‍රම වැනි අංශ අතින් විශාල දියුණුවක් ලබා සිටීම


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.polygon.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.