අඟහරු ලෝකයේ පාෂාණවල සාම්පල

December 7, 2019

අභ්‍යාවකාශ විද්‍යාව ගැන උනන්දුවක් දක්වන අයට ඔන්න අලුත්ම ආරංචියක් !

අඟහරු ලෝකයේ පාෂාණවල සාම්පල පෘථිවියට අරගෙන එන්න අවශ්‍ය කරන තාක්‍ෂණයන් නිර්මාණය කිරීමේ කටයුතු, මේ දවස්වල බ්‍රිතාන්‍යයේ ඉංජිනේරුවන් විසින් ආරම්භ කරලා තියෙනවා. මේ වැඩේට ප්‍රධාන වශයෙන් උදව් වෙන්නෙ රෝවරයක් !

මේ වැඩේ වෙන්නෙ ඇමරිකාවෙ සහ යුරෝපයේ නාසා සහ ඊසා අභ්‍යවකාශ ඒජන්සි දෙක එකට එකතුවෙලා කරන ව්‍යාපෘතියක් විදිහටයි. මේ විදිහට අගහරුවලින් එකතු කරන්න බලාපොරොත්තු වෙන පාෂාණ සහ දූවිලි ද්‍රව්‍යවලින් ලෝකයේ ඉස්සර ඉදන්ම අපි අතරේ තිබුණු පොදු ප්‍රශ්නයක් වුණු “අඟහරු මත ජීවයක් තිබේද?” කියන ප්‍රශ්නයට උත්තර හොයාගන්න මග පෑදෙන්න පුලුවන්.

හැබැයි ඒකට අවශ්‍ය කරන තාක්ෂණයන් එකතු කර ගන්න මේ කරන පෙරහුරු පරීක්ෂණවල අවසන් ප්‍රතිපල බලන්න නම් ඔයාලට තවත් අවුරුදු 10ක් ඉවසලා ඉන්න වෙනවා…

* වැඩි විස්තර සඳහා : https://www.bbc.com/news/science-environment-50663278


උපුටා ගැනීම් :
* ඡායාරූපය : www.bbc.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.