ශිෂ්ටාචාරයක පළවෙනි සළකුණ
මාගරට් මීඩ් නමැති මානවවිද්යාඥවරියගෙන් එක්තරා ශිෂ්‍යයෙක් ප්‍රශ්නයක් අහනවා. ඒ, ” මානව සංස්කෘතියේ දකින්න ලැබුණු ශිෂ්ටාචාරයකට අයත් පළවෙනි සළකුණ කුමක්ද?” කියන ප්රශ්නයයි.
මෙතනදි මානවවිද්යාඥවරිය මැටි වළං, ඇඹරුම් ගල්, බිලීකොකු වගේ උත්තර ලබා දෙයි කියලා මේ ශිෂ්‍යයා හිතුවත්, මේ ශිෂ්‍යයාට එතුමියගෙන් ලැබුණෙ වෙනස්ම ආකාරයක උත්තරයක්.
මානවවිද්යාඥවරියට අනුව මානව සංස්කෘතියේ දකින්න ලැබුණු ශිෂ්ටාචාරයකට අයත් පළවෙනි සළකුණ තමයි බිදීමකට ලක් වුණු ඌර්වස්ථීය නොහොත් කලවා ඇටයක් නැවත සුවපත් වීම.
සත්ව රාජධානියේ ඕනෑම සත්වයෙකුගේ පාදය කැඩුනොත්, එම සත්වයා මරණයට පත් වෙනවා. මොකද එම සත්වයාට විලෝපිකයන්ගෙන් බේරිලා දුවලා යන්න බෑ. ඒ වගේම ජලය ලබා ගන්න ජලාශ්‍රිත ප්‍රදේශයකට ගමන් කරන්නවත්, ආහාර සොයා ගැනීමට හෝ දඩයම් කිරීමටවත් ලැබෙන්නෙ නෑ. ඒ නිසා අනිවාර්යෙන්ම පාදය කැඩීමකට ලක් වෙන සතුන්, තවත් සතෙකුගේ ආහාර වේලක් වෙනවා.
ඇයට අනුව මිනිසෙකුගේ බිදීමකට ලක් වුණු ඌර්වස්ථීයක් සුවපත් වීම කියන්නේ තවත් අයෙක් ඔහුගේ හෝ ඇයගේ කාලය වෙන් කරලා, අනතුරට පත් වුණු පුද්ගලයාගේ තුවාලය වෙළලා, එම පුද්ගලයාව ආරක්ෂිත ප්‍රදේශයකට රැගෙන ගිහින්, එම පුද්ගලයාව සුව අතට හැරෙන තෙක් රැකබලා ගැනීමයි.
පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු අසරණ වුණු අවස්ථාවකදී උදව් කිරීමට පෙළඹුනු අවස්ථාව, මානව ශිෂ්ටාචාරයේ ආරම්භයයි කියලා මාගරට් මීඩ් මානවවිද්යාඥවරිය එම ශිෂ්‍යයාට පැවසුවා.