ගජමුතු

November 16, 2021

ගජමුතු යනු මුතු ඇට බවට ඇතමුන් විශ්වාස කරයි. එහෙත් එය වැරදි විශ්වාසයකි.

ඇතෙක්ගේ වර්ධනයත් සමග ඇතාගේ දන්තිනය වර්ධනය, දළයේ ආරම්භක ස්ථානයෙන් ඇරඹේ. කාලයත් සමග මෙම දන්තිනය එකතු වී, දළයේ කුහරය කෙටි වේ. දළය පළුදු වී හෝ රෝගී වී ඇති අවස්ථා වලදී, මෙම කුහරයට ආගන්තුක දෑ එකතු විය හැක. මේවා වටේටද දන්තිනය තැන්පත් වෙයි. මෙය කාලයත් සමග සිදුවන ක්‍රියාවලියකි. ගජමුතු යනු එවැනි දෑය.

ඇතැම් ගජමුතු ස්වභාවයෙන් ගෝලාකාර වේ. ඇතැම් ගජ මුතු දත් කුහරයේ ඇලී පවතියි. ඇතැම් ගජ මුතු කුහරය තුළට වැටී, සෙලවීම් සමග, ඝර්ෂණය වී රවුම් හැඩයකට පරිවර්තනය වේ.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය – https://elearning.lk/blog/tamed-elephants-and-tuskers-of-sri-lanka

Facebook Notice for EU! You need to login to view and post FB Comments!

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...