Paddlefish මත්ස්‍යයා ලොවෙන් සමු ගනියි…?????

January 7, 2020

ලෝකයේ විශාලතම මිරිදිය මත්ස්ය විශේෂයක් වන චීන Paddlefish මත්ස්යයා, පෘතුවියෙන් වඳ වී ගිය මත්ස්යයෙක් විදිහට මීට දවස් කිහිපයකට කලින් නිළ වශයෙන් නිවේදනය කළා. ඒ චීන ජාතික ධීවර පරීක්ෂණ කණ්ඩායමක් අවුරුදු කිහිපයක් තිස්සෙ කරපු ගවේෂණ වල ප්රතිපල වලින් පසුවයි.

මේ මත්ස්යයන් පෘතුවියේ ජීවත් වෙන්නෙ අවුරුදු මිලියන 200ක විතර ඉදලයි. ඒ, ජුරාසික් යුගයේ හිටපු විශාල මත්ස්ය විශේෂයක පරිණාමනයේ එක පුරුකක් විදිහටයි.

මෙයාලගෙ අන්තිම නිජ භූමිය වුණේ චීනයේ යැංසි ගඟයි. මීටර් 7ක් විතර දිග, කිලෝග්රෑම් 450ක් විතර බර, රිදී පාට ශරීරයක් තියෙන මේ මත්ස්ය විශේෂය අන්තිමටම දැකලා තියෙන්නෙ 2003 අවුරුද්දෙදියි.

Paddlefish මත්ස්යයන් ගැන මෑත කාලයේ පරීක්ෂණ කරපු පරිසර විද්යාඥයන්ගේ නවතම වාර්තා අනුව මේ මත්ස්ය විශේෂය පෘතුවියෙන් තුරන් වීම 2005ත් 2010ත් අතරේ සිදු වෙලා තියෙනවා.

Paddlefish මත්ස්ය වර්ග 1970 දශකය වෙනකොටත්, බොහොම සුලභ මත්ස්ය විශේෂයක් වුණා. මේ සිද්ධිය නිසා චීන රජය, යැංසි ගඟ දිගේ සංරක්ෂණ කලාප 300කට අධික සංඛ්යාවක වාණිජ කටයුතු සඳහා මත්ස්යයන් ඇල්ලීම, අවුරුදු 10කට තහනම් කරලා තියෙනවා.

* වැඩි විස්තර සඳහා : https://edition.cnn.com/2020/01/07/asia/chinese-paddlefish-extinct-study-intl-hnk-scli/index.html


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.cnn.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.