මුදල් නෝට්ටු

සාමාන්‍යයෙන් පුවත්පත්, පොත්වල පිටු, ලිපි ලේඛන ජලයෙන් පෙගුණු විට ඉක්මනින් ඉරී යයි. එනමුත් මුදල් නෝට්ටුවක් ජලයෙන් පෙගුණු විට සාපේක්ෂ වශයෙන් එතරම් බලපෑමක් ඇති නොවේ.
මීට හේතුව නම්, සාමාන්‍ය කඩදාසි වර්ග නිෂ්පාදනය කරනුයේ ශාක වලින් ලබා ගන්නා සෙලියුලෝස් වලිනි. එනමුත් මුදල් නෝට්ටුව නිර්මාණය වන්නේ 75% ක කපු සහ 25% ක ලිනන් තන්තු වලිනි.