බෙල්ලන්විල පැරණි සිතුවම

ඛෙල්ලන්විල රජමහා විහාරය යනු කොළඹ යුගයේ බිතු සිතුවම් සඳහා කදිම උදාහරණයක් සැපයිය හැකි බුද්ධ මන්දිරයක් සහිත විහාරස්ථානයකි. නමුත් ඛෙල්ලන්විල රජමහා විහාරස්ථ බුද්ධ මන්දිරයේ කාල සීමා දෙකකට අයත් බිතු සිතුවම් තිඛෙන බව ඔබ දැන සිටියාද?
බෙල්ලන්විල සෝමරතන නායක හිමියන්ගේ මූලිකත්වයෙන් නිර්මාණය වූ මෙහි ඇති මුල් කාලීන සිතුවම්, පසුකාලීනව බිත්ති වල බදාම ගැලවී යාමේ හේතුවක් මත විනාශයට පත්විය.
වර්තමානයේ අප දකින සිතුවම් බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ මෙහෙයවීමෙන්, සෝමබන්දු විද්‍යාපති මහතාගේ අතින් සිත්තම් වන්නේ 80 දශකයේ අග භාගයේදීය.
පෙර කී මුල් කාලීන සිතුවම් අතරින් එක් සිතුවමක් (දේවාරාධනාව) පමණක්, අද වන විට ප්‍රධාන දොරටුවට ඉහළ බිත්තියේ ඉතිරි වී තිබේ.
මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය – https://elearning.lk/blog/bellanwila-rajamaha-viharaya/