මහා පිපුරුම සහ මහා පිපුරුම් වාදය

මහා පිපිරුම…. මේ වදන නිසා බොහෝ දෙනෙකු මෙම වාදය පිළිබඳව වැරදි ලෙස වටහා ගනී. විශ්වයේ ආරම්භය මහා පිපිරීමක් මගින් සිදු වුණු බවක් මෙම වාදයෙන් කියැවෙන්නේ නැත.

මහා පිපිරුම යන වදන බිහි වූයේ මෙම වාදය සොයා ගත් ජෝජ්ස් ලේමාටර් විද්‍යාඥවරයාට විරුද්ධ මතධාරී විද්‍යාඥයෙකු විසින් එල්ල කළ ඇනුම්පදයක ප්‍රතිඵලයක් වශයෙනි. ඔහු කතෝලික පූජකවරයෙකු වූ හෙයින් බොහෝ දෙනෙකුගෙ අදහස වූයේ මෙය මැවුම්වාදය විද්‍යාත්මක වශයෙන් සාධාරණිකරණය කිරීමට ගොතන ලද්දක් බවයි.

බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥ ෆ්‍රෙඩ් හොයිල් වරක් ර්‍ණලේමාටර් කියන විදියට විශ්වය ඇති වුණේ මහා පිපිරීමකින් කියල විශ්වාස කරන්න පුළුවන්ද?” යනුවෙන් කතා කළේය. විශ්වයේ උපත පිළිබඳව ලේමාටර්ගේ වාදය මහා පිපිරුම් වාදය වූයේ ඉන්පසුවයි.

——————————————
මේ සම්බන්ධව eLearning.lk අපි නිර්මාණය කළ වාර්තාමය වැඩසටහන

——————————————
eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපි –
01. මහා පිපිරුම් වාදය – https://elearning.lk/blog/big-bang-theory/
02. අන්තරීක්‍ෂ ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය – https://elearning.lk/blog/cosmic-microwave-background-and-cbm-hunters/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...