ඔව්, මම හැඬුවා

ඔව්, මම හැඬුවා ???

Wife, පුතාලා, අම්මලා ඔක්කොම නිදි වෙලාවක මහා හයියෙන් හැඬුවා. ජීවිතේ දශක ගණනාවකින් අඬල නැති මට එකපාරටම පාලනයකින් තොරවම කදුළු ආවා. මේක වෙන්න පුළුවන් දෙයක්ද කියල මාව හොඳටම දන්නා අය ප්‍රශ්න කරයි. මොකද ලේසියෙන් මාව වට්ටන්න බෑ. ලොවෙත් අඬන කෙනෙක් නෙවෙයි මම. ඒත් මේ හැඩීමට හේතුව හරිම ලස්සන එකක්. ඒක ඔයාල දැනගන්න ඕනේ. මොකද මේකෙන් තව කෙනෙක් සමහරවිට වෙනස් වෙයි.

මාසෙකට විතර උඩදී මම Netflix එකේ එහෙමෙහෙ යද්දී movie poster එකක් දැක්ක. එකේ ඉන්න නළුවා දන්නා හින්ද checkout කරන්න තීරණය කළා. නළුවා Jake Gyllenhaal. Movie එක October sky. මේක 1990 ගණන්වල movie එකක්. කතාව spoil නොකර කිවුවොත්, Homer Hickam කියන NASA engineer ගේ ජීවිත කතාව තියෙන ෆිල්ම් එකක්.

පොඩිම කාලේ දුෂ්කර ජීවිතයක් ගත කරන ගම්බද ඇමෙරිකානුවෙක්. ඔවුන්ගේ ප්‍රදේශයේ සියලුම පිරිමි වගේ වැඩිවියට පත් උනාම නිතැතින්ම යොමුවෙන්නේ ගල් අගුරු පතල් වල වැඩ වලට. එතනින් එහාට ජීවිතයක් ඔවුන් හිතන්නේ නෑ.

නමුත් පුංචි හෝමර් වෙනස්. ඔහු අධික කුතුහලයක් තියෙන අලුත් දේවල් කරන්න ආස ළමයෙක්. ඔහුට මේ ජීවිතය වදයක්, කරදරයක්. ඔහුගේ මනස හැමවිටම experimentation වලට යොමු වෙනවා. අපි ගොඩක් දෙනාගේ පොඩි කාලයේ මේ වගේ සිතිවිලි තියෙන්න ඇති. නමුත් අවාසනාවකට ඒ දේවල් එහෙමම යට යනවා. මට හෝමර් දැකපු ගමන් ඔහු තුලින් මාව පෙන්න ගත්තා. ඒක film එක ඉදිරියට බලන්න පොඩි බයකුත් මා තුල ඇතිකළා. ඇයි කියන්න මට තේරෙන්නේ නෑ.

ඉතින් මේ movie එකේ අපුරු සිදුවීමක් වෙනවා. ඒ තමා 1957 ලෝකයේ පලවෙනි චන්ද්‍රිකාව ස්පුට්නික් කක්ෂගත වීම. ඇමෙරිකානුවන් මෙයින් බියටත්, පසුබෑමටත්, ලැජ්ජාවටත් පත් වෙනවා. මොකද සෝවියට් දේශය සමග සීතල යුද්ධය ඔවුන් පරදින අයුරු පෙනෙනන්න පටන් ගත නිසා. නමුත් තමුන්ගේ හිසට ඉහලින් බීප් බීප් හඬ නගමින් රාත්‍රී අහසේ කුඩා උල්කාවක් මෙන් ගමන් කරන මේ වස්තුව දිහා බලන හොමර්ට ඇති වෙන්නේ වෙනස්ම සිතිවිල්ලක්.

@sanjayaelvitigala

ඒ තමයි කොහොමද රොකට් එකක් හදල අභ්‍යවකාශ ගත වෙන්නේ කියල. ඉතින් අපුරු සිදුවීම්, අනේකවිධ කම්කටොලු බාධා මැද ඔහු තමුන්ගේ ඉල්ලකයට යන හැටි, ඔහුව තේරුම් ගත්ත එකම එක රටක් වටිනා ගුරුවරියක් මග පෙන්නපු හැටි, හා බෙල්ල ගහල ගියත් එකට හිටපු යාලුවෝ set එක වගේ අපුරු sub plots රාශියක් සමගින් මේ චිත්‍රපටය වර්ණවත් වෙනවා.

අද Homer Hickam කියන්නේ ඇමෙරිකාවේ ඉන්න ජේෂ්ටතම හා ශ්‍රේෂ්ටතම space engineer කෙනෙක්. Shuttle missions, hubble, solar max හා ISS ව්‍යාපෘති වලට විශාල දායකත්වයක් දක්වපු කෙනෙක්. ඔහුගේ ගමන ඔබ සියලු දෙනා දරුවන් සමග නැරබිය යුතුයි.


Click on the Image

දැන් මන් එන්නම් මගේ කතාවට. Movie එකේ අවසාන හරියේ ඔහුගේ achievements පෙන්නකොට අවුරුදු ගණනාවක් මගේ හිත ඇතුලේ තිබුන දෙයක් එලියට ආවා. මමවත් දනන් හිටියේ නෑ හිත ඇතුලේ එහෙම දෙයක් ඉතුරුවෙලා තිබ්බා කියල. මොකද මගේ පොඩිම කාලේ ඉඳන් ඉන්න යාලුවෝ දන්නවා මගේ පළමු අභිප්‍රාය උනේ කවදාහරි තාරකා විද්‍යාඥයෙක් වීමට බව.

ඉතින් ඒ කාලේ හෝමර් වගේම මමත් සමහර විට තව යාලුවෝ දෙතුන් දෙන් එක්ක, satellite design කළා, අහස්කුරු වෙඩිබෙහෙත් එකතු කරලා පොඩි rocket හැදුවා, NASA එකට ලියල (internet නැති කාලේ) විවිද වර්ණ චායාරුප, leaflet ගෙන්න ගත්තා. මේ ඔක්කොම කලේ කවදා හෝ මම දැඩිව ආදරයෙන් බැදුණු ඒ විෂය ඔස්සේ ඉස්සරහට යන්න.

නමුත් අවාසනාවකට පසු කාලීනව මට මේ focus එක මගහැරෙනවා. ඒකට පුද්ගලික, සමාජීය හා දේශපාලන කාරණා බලපානවා. ඒ වෙනුවට මම ව්‍යවසයකතාවය තෝරාගන්නවා.

කිසිම විටෙක මම ඒ තෝරාගැනීම ගැන කණගාටු වෙන්නේ නෑ. මොකද ජීවිතයේ ඉලක්ක ගන්න පුළුවන්, සමාජයට වෙනසක් කල හැකි, මැරෙද්දි දෙයක් කළා කියල සතුටු වෙන්න පුළුවන් දෙයක් තමා ETHICAL entrepreneurship. ඒක කිසිම දෙකින් ආපහු හරවන්න බැරි අරමුණක් සමග යන ගමනක්.
හැබැයි, මේ movie එක ඉවරවෙනවත් එක්කම මට තේරුම් ගියා මමත් ජීවිතේ එක තැනකදී ආපහු හැරිලා තියෙනවා කියල.

මම බලාපොරොත්තු වෙච්ච සිහිනය හෝමර් හිකම් ජයග්‍රහණය කරද්දී, මම ඒක අතෑරල දාල මගේ ආත්මයට වංචාවක් කලා වගේ මහා අමුතු සිතුවිල්ලක් හිතට ඇතුල් උනා.

අවාසනාවකට මේ ජීවිතකාලයේ දී මට ඒ ඉල්ලකයට යන්න බැරිවෙයි. මොකද දැන් ආපහු හැරෙන්න බෑ. තාරකා විද්‍යාව හැමදාම විනෝදාශයක් වගේ තියේවි. නමුත් මේක සංසාර පුරුද්දක් උනොත් සමහරවිට මම ලෙස ම නොවුනත් මේ අරමුණට යන්න පුළුවන් වෙයි. අන්න ඒ feeling එකට තමා නවත්තගන්න බැරි විදිහට කදුළු ආවේ.

මම eLearning.lk එක පටන් ගත්තෙත් මෙන්න මේ වගේ පණිවිඩයක් සමාජ ගත කරන්න. ඒකෙ mission statement එක business jargon වලින් පිරුණට යටින්ම තියෙන අරමුණ තමා මේක.

මොකද ඔයාලගේ crazy, over the top සිහින පසුපස එලවන එක කවදාවත් නවත්තන්න එපා. පසුකාලීනව මොන ශේස්ත්‍රයෙන් ඉස්සරහට ගියත්, ඔබේ ජීවිතයේ ලොකු හිස් තැනක් ඉතිරිවෙන්න පුළුවන්.

ඔබේ දරුවන්ට මේ ටික කියල දෙන්න. මොකද එයාලත් මේ සිහින වල ඉන්නවා. එයාලගේ සිහින වලට යන්න දෙමාපියෝ විදිහට අපි උදව් කරමු.
රැල්ලට යන්න එපා. වෙනස් විදිහට නිදහස්ව හිතන්න. හරියට හෝමර් වගේ. නැත්නම් ඔබේ කුඩා කාලේ වගේ.

ස්තුතියි මෙච්චර වෙනකම් කියෙව්වට…

මම Sanjaya Elvitigala.
? https://www.tiktok.com/@sanjayaelvitigala
? https://www.youtube.com/channel/UCDooFWB-cG8B9aiiXVGnsow/shorts


Click on the Image

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.