තරු වර්ණ

විවිධ තාරකා විවිධ වර්ණයන්ගෙන් දිස්වන බව ඔබ දන්නවා ඇත. මෙවැනි වර්ණ වෙනසකට හේතු වන්නේ ඒ ඒ තාරකාවන් විවිධ උෂ්ණත්වයන්ගෙන් යුතු වීම ය.

ඒ අනුව සෙල්සියස් අංශක 30,000ක් වැනි ඉතා අධික උෂ්ණත්වයකින් යුත් තාරකා නිල් පැහැයෙන් ද, සෙල්සියස් අංශක 2,000ක් වැනි සාපේක්ෂව අඩු උෂ්ණත්වයකින් යුතු තාරකා රතු පැහැයෙන් ද පියෙවි ඇසට දර්ශනය වේ. සෙල්සියස් අංශක 5,500ක පමණ මතුපිට උෂ්ණත්වයකින් යුත් සූර්යයා අපට දිස් වන්නේ කහ පැහැයෙනි.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/stellar-evolution/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...