දත්ත විද්‍යාව සමඟ Microsoft Excel සහ Power BI භාවිතය | Data Science with Chathuranga Abeysinghe

December 24, 2020

දත්ත විද්‍යාව ගැන උනන්දු විශාල පිරිසක් අප හා සම්බන්ධව ඇති නිසා අපි හිතුවා චතුරංග අබේසිංහ මහතා සමඟ දත්ත විද්‍යාව එදිනෙදා ආයතනික කාර්යයන් සඳහා යොදා ගන්නා අයුරු ගැන සම්මන්ත්‍රණයක් කරන්න.

මෙහිදී අපි බැංකු ක්ෂේත්‍රය, ප්‍රවාහන, නිෂ්පාදන, භාණ්ඩ හා සේවා, ආහාර හා විලාසිතා යන ක්ෂේත්‍රයන් ගණනාවක් ආවරණය වන ලෙසට අදහස් හුවමාරු කරගන්නවා. ඒ වගේම දත්ත සහ තොරතුරු, Power BI සහ Microsoft Excel වැනි මෘදුකාංග භාවිතයෙන් ක්‍රමවත්ව ඉදිරිපත් කරන්නෙ කොහොමද කියලත් කියලා දෙනවා.

චතුරංග අබේසිංහ මහතා eLearning.lk සමඟ ගෙන එන දත්ත විද්‍යාව පිළිබඳ වූ පාඨමාලාව (පළමු පාඩම් දෙක නොමිළේ නැරඹිය හැකි අතර පාඨමාලාව වාරික වශයෙන් මිළදී ගත හැක) >>> https://elearning.lk/course/—data-science-introductory-coursechathuranga-abeysinghe

Power BI – https://powerbi.microsoft.com/en-us/

වැඩි විස්තර සඳහා :
* Hotline : 075 6 700 700
* Email : support@elearning.lk

A/L ඉවරද? කැම්පස් යන්න ලකුණු මදිද? O/L කරලා ගෙදරද? සීමිත විශ්වවිද්‍යාල වරම් අහිමි ඔබ, වසර පහකින් ලොව ජයගන්නේ කෙසේද? සාමාන්‍ය පෙළ සිසුන්, උසස් පෙළ සිසුන්, 2020 උසස් පෙළ විභාගය ලියා අවසන් කරන ලද සිසුන්, ව්‍යවසායකයන් වෙන්න සිහින දකින තරුණයන් ඉලක්ක කර ගනිමින් චතුරංග අබේසිංහ මහතා විසින් Elearning.lk සමඟ ගෙන එන “Learn to Learn – ඉගෙන ගන්න ඉගෙන ගන්න” නොමිළේ පාඨමාලාව >>> https://elearning.lk/course/after-advanced-level-learn-to-learn-by-chathuranga-abeysinghe

eLearning.lk ඔස්සේ අපි ගෙන එන Azure Machine Learning පාඨමාලාව… මෙම පාඨමාලාව තුලින් ප්‍රයෝගිකව Microsoft Machine Learning හරහා දත්ත විශ්ලේෂණය හා ඉදිරිපත් කිරීම සවිස්තරාත්මකව ඔබට ගෙනහැර දැක්වේ. ඔබ කෘතීම බුද්ධිය හා බැදුණු තාක්ෂණික කරනා පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නම් හා මේ ක්ෂේත්‍රයට පිවිසීමට කැමති නම් මේ වෙබ් පාඨමාලාව ඔබව නිසි මගට යොමු කරනු ඇත >>> https://elearning.lk/course/artificial-intelligence-and-machine-learning-using-azure-in-sinhala

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...