ක්‍රිකට් සොයාගත්තෙ ප්‍රංශයද?

ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය පිළිබඳ ඇතැම් මත වලට අනුව පුරාණයේ මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වී ඇත්තේ එංගලන්තයේ නොව ප්‍රංශයේය.

ප්‍රංශයේ පුරාණ 1478 ලියමනක (French manuscript) බැට් සහ බෝල වලින් Pas-de-Calais නම් ගම්මානයේදී සිදු කළ “criquet” නම් ක්‍රීඩාවක් පිළිබඳව සඳහන්ය. “criquet” යන වදන පැරණි ප්‍රංශ භාෂාවෙන් කණුව හෝ විකට්ටුව හඟවන වචනයකි.

14 වන 15 වන සියවස් වලදී එංගලන්ත හමුදා ප්‍රංශය ආක්‍රමණය කොට සිය අවුරුදු යුද්ධය ඇවිලී තිබුණි. එම මතයට අනුව ප්‍රංශයේ කෙරුණු ක්‍රිකට් ක්‍රීඩාව, ආක්‍රමණික ඉංග්‍රීසින් උගත්තා විය හැකිය.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/summer-olympic-cricket-tournament/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...