අඟහරු වල අභිරහස් මුහුණ

September 2, 2021

1976දී අගහරු වෙත යැවූ Viking යානයෙන් පෘථිවි පාලක මැදිරියට එවූ අගහරු පෘෂ්ඨයේ ඡායාරූප අතර සැතැපුම් 2ක පමණ දිගින් යුතු වූ විශාල මිනිස් හිසක් අගහරු පොළොව මත තිබිණ. එහි දෑස් කෙලින්ම යොමු වී තිබුණේ යානයේ කැමරාව දෙසටය.

ඉන් මාස කිහිපයකට පසු Viking 2 විසින් එවන ලද ඡායාරූප වලද මෙම අබිරහස් මුහුණ දක්නට ලැබිණ. බොහෝ දෙනා මෙය කෘතිමව ගොඩනංවන ලද්දක් විය හැකි බව පැවසුවෝය.

1998දී අගහරු වෙත යැවූ MSG යානයේ නිල නොවන අරමුණු අතරට මෙම මුහුණ නිරීක්ෂණය කිරීමද ඇතුළත් විණි. යානයේ ඉහළ විභේදන බලයකින් යුතු කැමරා තිබුණු අතර ඒවායින් ලබා ගත් ඡායාරූප විශ්ලේෂණය කළ විද්‍යාඥයෝ මෙම මිනිස් මුහුණ ස්වභාවික නිර්මාණයක් බව තහවුරු කළහ.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය මෙතනින් – https://elearning.lk/blog/past-astronomical-events

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...