අරාබි වසන්තයේ ආරම්භය

අරාබි වසන්තය නමින් නම් කෙරුණු ක්‍රියාවලියේ ආරම්භය සනිටුහන් වූයේ 2010 දෙසැම්බර් 17 වනදා සිඩි බෞසිඩ් නම් කුඩා ටියුනීසියානු නගරයේදී මොහොමඩ් බෞඅසීසි නම් තරුණයකු සිරුරට ගිනි තබාගැනීමත් සමගයි. ජීවිකාව සොයාගැනීම සඳහා ඔහු පලතුරු වෙළඳාමෙහි නිරත වුණා. ඔහු සිරුරට ගිනි තබාගන්නා ලද්දේ ඔහුගේ පලතුරු කරත්තය පොලිසිය භාරයට ගැනීමෙන් ඔහුට ජීවිකාවක් කරගැනීමට නොහැකි වීම හේතුවෙන්.

1987 සිට ටියුනීසියාව පාලනය කරන ලද්දේ සිනේ එල් අබ්දීන් ඛෙල් අලී නම් ජනාධිපතිවරයා විසින්. ඔහුගේ අන්ත දූෂිත​, ඒකාධිපති පාලනයට එරෙහිව රටේ විරෝධතා ගොඩනැගෙමින් පැවතුණේ වසර කිහිපයක සිටයි. ඊළග දිනය වනවිට සිඩි බෞසිඩ් හි රජයට එරෙහි උද්ඝෝෂණ හටගත්තා. කුඩාවට ඇරඹි උද්ඝෝෂණ කෙටි කලෙකින් රටපුරා පැතිර යන්නට පටන් ගැනුණා. බෞඅසීසි 2011 ජනවාරි 04 වනදා මරණයට පත්වුණා. ඊට දින දහයකට පසුව, එනම් 2011 ජනවාරි 14 වනදා ජනාධිපතිවරයා රටින් පළාගියා.

මේ සම්බන්ධව eLearning.lk අපි සම්පාදනය කරපු සම්පූර්ණ ලිපිය මෙතනින් – https://elearning.lk/blog/arab-spring/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...