English Content ලියන්න පුරුදු වෙන්න Tips 3ක්

මෙය පළ කරන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිඹඳ යම්දුරකට හෝ දැනුමක් ඇති යන උපකල්පනය මත වේ. කිසිම දැනුමක් නැතිනම් පාඨමාලාවක් ඔස්සේ මූලික සංකල්ප ඉගෙන ගන්නවා හැර වෙන විකල්පයක් නැහැ. සාමාන්‍ය අවබෝධයක් තිබෙනවා නම් මේ ටික උත්සාහ කරලා බලන්න.

1) Original Content පළ කිරීම ආරම්භ කරන්න


ඉංග්‍රීසි පමණක් නොවේ, ඕනෑම භාෂාවක් හොඳින් සන්නිවේදනය කිරීමට පුහුණුව අවශ්‍යයි. හොඳම දේ ලියන්න පුහුණු වීමයි. මෙහිදී ඔබට කළ හැකි පහසුම දේ වන්නේ Facebook තුල original content පළ කිරීමයි. ඔබ සාමාන්‍යයෙන් කරන්නේ අන් පිටු වල පළ කිරීම් share කිරීම පමණක් නම්, මින් පසු හැකි තරම් ඔබේ අදහස් පළ කරන්න උත්සාහ කරන්න.

දීර්ග blog ලිපි වලින් ලිවීම ආරම්භ කරනවාට වඩා කෙටි ලිපි වලින් පටන් ගැනීම පහසුයි. මෙහිදී සිදුවන්නේ ඔබේ ලිවීමේ විලාසය (writing style) වැඩි දියුණු වීමයි.

2) Read!!! හැකි තරම් කියවන්න


ඇයි කියවන්නේ?

ඔබේ මනසේ තිබෙන අදහස නිසි ලෙස ඉදිරිපත් කරන්න නම් පුළුල් ඉංග්‍රීසි වචන සමුදායක් ඔබ දැනගත යුතුයි. Blog කියවීමේදී අපි නිතරම අලුත් වචන ඉගෙන ගන්නවා. අපේ vocabulary එක හැදෙනවා. පොත් කියවන්න පුලුවන්නම් හොඳයි. හැබැයි හැමෝම පොත් කියවන්න කැමති නෑ නේ. තමන්ගේ ක්ෂේත්‍රයට අදාල දේවල් googleහි සොයමින් නිතර ඔබ නියැලෙන ක්ෂේත්‍රයට අදාලව ඇති blog ලිපි ආදිය කියවීම පොත් කියවනවාට වඩා පහසු මාර්ගයක්. පොත් තරම් blog ලිපි දීර්ග නැති නිසා කියවන්න පහසුයි.

තවද, ඔබ ඇල්මක් දක්වන විෂයන් වල කෙටි ලිපි දිනපතා කියවන්න හැකි හොඳම තැනක් විදිහට Medium හඳුන්වන්න පුලුවන්. Lktips කියන google chrome extention එක ඔබේ browser එක මත ස්ථාපනය කරගන්න. මෙමගින් ඉංග්‍රීසි වචනයක් උඩ mouse point එක තැබූවිට ඒ වචනයේ සිංහල තේරුම පෙන්නුම් කරනවා.

3) Content ලියන්නත් තාක්ෂණයක් තිබෙනවා


උදාහරණයක් විදිහට. AIDA වැනි සංකල්ප තිබෙනවා. (Attention, Interest, Desire, Action). එවැනි සංකල්ප සහ ක්‍රමවේද ඉගෙන ගන්න.

“How to write a blog post.”
“How to write effective content”,

ලෙස සරලව youtube හි search කිරීම මගින් ආරම්භයක් ගන්න පුලුවන්. ඉන් එහාට තව තවත් සෙවීම මගින් content නිර්මාණය කිරීමට පාදක වෙන විවිධ සංකල්ප සොයාගැනීම ඔබට භාරයි.

අවසාන වශයෙන් කිවයුත්තේ, භාෂා කුසලතාව සති කිහිපයකින් ප්‍රගුණ කරන්න බැහැ. නිතර පුහුණු වීම අත්‍යවශ්‍යයි. මීට අමතරව ඉංග්‍රීසි භාෂාව පුහුණු වෙන්න හැකි සරල ක්‍රම ගැන medium ලිපියක් මීට පෙර මම පළ කළා. එයද කියවන්න.

ඉංග්‍රීසි හදාගන්නේ කොහොමද? 3 Tips to improve English skills

BMAD Plus ආයතනයේ නිර්මාතෘවරයා සහ අධ්‍යක්ෂකවරයා වන මයන්ත ශවීන් මහතා, Brand Identity Design, Brand Strategy Design සහ Digital Marketing ක්ෂේත්‍රයන් පිළිබඳ අත්දැකීම් බහුල අයෙකි. තරුණයෙක් විදිහට ඔහු ජීවිතය ගොඩනගා ගන්නා ගමන් අනෙක් තරුණයන්ටත් ජීවිතයේ ඉදිරියට යෑමට සහාය දීම වෙනුවෙන් eLearning.lk Blog අඩවිය වෙත ලිපි සම්පාදනය කරනු ලබයි.