ඉන්දියාවේ සහල් අපනයන තහනම ලෝක අර්බුදයක් කරා?
ඉන්දියාව පසුගියදා බාස්මතී නොවන සුදු සහල් අපනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කළා. ඒ සමගම ඇමරිකාවේ, යුරෝපයේ ආදී වශයෙන් විදේශයන් හි ජීවත්වන ඉන්දියානුවන් සහල් තොග පිටින් මිලදී ගන්නා අන්දම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ සහ ඡායාරූප මගින් දකින්නට ලැබුණා. මෙම අපනයන තහනම ලෝක ආහාර මිල ඉහළ යාම කෙරෙහි බලපා හැකි බව පෙනී යන අතර එය ලෝක ආර්ථිකයට ඍණාත්මක ලෙස බලපෑ හැකියි.
ඉන්දියාව ලෝකයේ ප්‍රධානම සහල් අපනයනකරුවා යි. එමෙන්ම ඊළඟ අපනයනකරුවන් සිව් දෙනා වන තායිලන්තය, වියට්නාමය, පාකිස්ථානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් සතරම විසින් අපනයනය කරන සහල් ප්‍රමාණයට වඩා ඉන්දියාව අපනයනය කරන සහල් ප්‍රමාණය වැඩියි. එයින් ද බාස්මතී නොවන සුදු සහල් සමස්ථ අපනයනයෙන් සියයට 25 ක් පමණ වනවා. එහෙයින් ලෝක සහල් සැපයුමට ඉන්දියාවේ මෙම තීරණය සැලකියයුතු බලපෑමක් කරනවා නොඅනුමානයි.
ඉන්දියාවේ මෙම තීරණයට මූලිකම හේතුව වන්නේ එරට තුළ ආහාර උද්ධමනය ඉහළ යාමයි. පසුගිය මාස කිහිපය තුළ එරට සහල් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යවල මිල සැලකියයුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මෑතකදී සිදුවුණු කාලගුණික විපර්යාසයන් හේතුවෙන් ද සහල් නිෂ්පාදනය පහළ වැටුණ හෙයින් ආහාර මිල තවත් ඉහළ යාමේ අවධානමක් මතුව තිබෙනවා.
යුක්‍රේන යුද්ධය හේතුවෙන් ලෝක ආහාර මිල ඉහළ යන පසුබිමක, පසුගිය වසරේදී ඉන්දියාව සහල් අපනයනයට සීමා පැනවූවා. ඒ අනුව සුන් සහල් අපනයනය තහනම් කළ අතර බාස්තතී නොවන සුදු සහල් අපනයනයට සියයට 20 ක බද්දක් පැනවූවා.
නමුත් මෙම බද්ද තිබියදී ද අපනයන ඉහළ ගොස් තිබුණා. ඊට හේතු වූයේ ලෝක වෙළෙඳපොලෙන් සහල් සඳහා ඉහළ මිලක් ලබාගැනීමට හැකියාව ලැබීමයි. සහල් අපනයනය පිළිබඳ වඩා දැඩි සීමා පැනවෙන්නේ මේ අනුවයි.
ඉන්දියාව ලෝකයේ ප්‍රධානම සහල් අපනයනකරුවා යි. එමෙන්ම ඊළඟ අපනයනකරුවන් සිව් දෙනා වන තායිලන්තය, වියට්නාමය, පාකිස්ථානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් සතරම විසින් අපනයනය කරන සහල් ප්‍රමාණයට වඩා ඉන්දියාව අපනයනය කරන සහල් ප්‍රමාණය වැඩියි.
එයින් ද බාස්මතී නොවන සුදු සහල් සමස්ථ අපනයනයෙන් සියයට 25 ක් පමණ වනවා. එහෙයින් ලෝක සහල් සැපයුමට ඉන්දියාවේ මෙම තීරණය සැලකියයුතු බලපෑමක් කරනවා නොඅනුමානයි.
ඉන්දියාවේ මෙම තීරණයට මූලිකම හේතුව වන්නේ එරට තුළ ආහාර උද්ධමනය ඉහළ යාමයි. පසුගිය මාස කිහිපය තුළ එරට සහල් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යවල මිල සැලකියයුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෑතකදී සිදුවුණු කාලගුණික විපර්යාසයන් හේතුවෙන් ද සහල් නිෂ්පාදනය පහළ වැටුණ හෙයින් ආහාර මිල තවත් ඉහළ යාමේ අවධානමක් මතුව තිබෙනවා.
යුක්‍රේන යුද්ධය හේතුවෙන් ලෝක ආහාර මිල ඉහළ යන පසුබිමක, පසුගිය වසරේදී ඉන් දියාව සහල් අපනයනයට සීමා පැනවූවා. ඒ අනුව සුන් සහල් අපනයනය තහනම් කළ අතර බාස්තතී නොවන සුදු සහල් අපනයනයට සියයට 20 ක බද්දක් පැනවූවා. නමුත් මෙම බද්ද තිබියදී ද අපනයන ඉහළ ගොස් තිබුණා. ඊට හේතු වූයේ ලෝක වෙළෙඳපොලෙන් සහල් සඳහා ඉහළ මිලක් ලබාගැනීමට හැකියාව ලැබීමයි. සහල් අපනයනය පිළිබඳ වඩා දැඩි සීමා පැනවෙන්නේ මේ අනුවයි.
තවද, මෙම තීරණය ප්‍රකාශයට පත් වූයේ රුසියාව යුක්‍රේන ධාන්‍ය අපනයන එකඟතාවයෙන් ඉවත්වන බව නිවේදනය කිරීමට තීරණය කළ අලුතම වාගේ වීම ද වැදගත් කරුණක්. යුක්‍රේනය ලෝක තිරිඟු අපනයනවලින් සියයට 9 ක් පමණ සපයන රට යි.
රුසියාව ද වැදගත් තිරිඟු අපනයනකරුවෙක් වනවා. 2022 යුක්‍රේන යුධ තත්ත්වය හේතුවෙන් යුක්‍රේන අපනයන ඇණහිටි අතර රුසියාවට එරෙහිව පනවන ලද සම්බාධක හේතුවෙන් රුසියානු තිරිඟු අපනයනයන් ද බෙහෙවින් සීමා වුණා.
මේ හේතුවෙන් ලෝකයේ ආහාර අර්බුදයක් නිර්මාණය වීමේ තර්ජනයක් මතු වූයෙන් එය වැළැක්වීමට රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයක් තුර්කියේ මැදිහත්වීමෙන් සිදුවුණා.
ඒ අනුවයි 2022 ජූලි මාසය වනවිට යුක්‍රේන ධාන්‍ය අපනයනය පිළිබඳ එකඟතාවයක් ඇතිවූයේ. කෙසේ වෙතත් පසුගියදා රුසියාව සහ ක්‍රිමියාව සම්බන්ධ කෙරෙන කර්ච් පාලම වෙත එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව රුසියාව ධාන්‍ය අපනයන ගිවිසුමෙන් ඉවත්වන බව ප්‍රකාශ කළා. ඉන් අනතුරුව ඔඩෙස්සා වරායට සහ ඒ අසළ වන ධාන්‍ය ගබඩාවලට රුසියානු ප්‍රහාර එල්ල වුණා.
මේ තත්ත්වය යටතේ ලෝක ආහාර මිල තවත් ඉහළ යාමේ ඉඩක් මතුව තිබෙනවා. එසේ වුවහොත් ඉන්දියානු අපනයනකරුවන් ලෝක වෙළෙඳපොලෙන් ලැබෙන ඉහළ මිල පිළිබඳ අවධානය යොමු කරමින් දිගටම සහල් අපනයනය කළ හැකියි.
නමුත් එහි අයහපත් ප්‍රතිඵලය දැනෙනු ඇත්තේ ඉන්දීය ජනතාවටයි. එමෙන්ම වැදගත් ප්‍රාන්ත මැතිවරණ කිහිපයක් මෙම වසර අගදී ද මහමැතිවරණය ඊළඟ වසර මැදදී ද පැවැත්වීමට නියමිත බැවින් ජීවන වියදම අඩුවෙන් පවත්වාගැනීමට උත්සාහ කිරීම ඉන්දීය ආණ්ඩුවට ඉතා වැදගත් වනවා. මේ හේතුව නිසා ද ඉන්දියානු ආණ්ඩුවට සහල් අපනයනය සීමා කිරීම වැදගත් පියවරක් වනවා.
@elearninglk
නමුත් මෙහි බලපෑම ලෝකයේ බොහෝ රටවලට යම් ආකාරයකින් දැනීමට ඉඩ තිබෙනවා. එක් පසෙකින් යුක්‍රේන තිරිඟු නොලැබීමත්, අනෙක් පසින් ඉන්දියානු සහල්වලින් කොටසක් නොලැබීමත් හේතුවෙන් ලෝක ආහාර මිල ඉහළ යා හැකියි. එය විශේෂයෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන රටවලට දැඩි බලපෑමක් කළ හැකියි.
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් අප්‍රිකානු රටවල් හයකට නොමිලේ ධාන්‍ය ලබාදීමට එකඟවන්නේ ද මෙම පසුබිමේ යි. යුක්‍රේන යුද්ධය හේතුවෙන් ආහාර මිල වැඩිවන විට එහි පීඩනය වැඩියෙන් එල්ල වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලටයි. කෙසේ වෙතත් රුසියාවට මිතුරන් ගණනාවක්ම එම රටවල් අතර සිටිනවා.
එහෙයින් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන ආහාර මිල වැඩිවීමෙන් එම රටවල්වලට සහනයක් ලබාදීම රුසියානුවන්ට වැදගත් රාජ්‍යතාන්ත්‍රික පියවරක් ද වනවා.
ව්ලදිමීර් පුටින් නොබෝදා රුසියා-අප්‍රිකා සමුළුවේදී පැවසූයේ තවත් මාස කිහිපයක් තුළ දී තමන්ට අප්‍රිකානු රටවල් හයක් සඳහා නොමිලයේ ධාන්‍ය තොග මෙට්‍රික් ටොන් 25,000 ක් සහ 50,000 ක් අතර ප්‍රමාණයක් ලබාදිය හැකිවනු ඇති බවයි. මේ අනුව බුර්කිනා ෆාසෝ, සිම්බාබ්වේ, මාලි, සෝමාලියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය සහ එරිත්‍රියාව යන රටවලට නොමිලයේ ධාන්‍ය ලබාදීමට තමන් සූදානම් බව පුටින් කියා සිටියා. ඔහුගේ මෙම ප්‍රතිඥාව ඉටු වුවහොත් ලෝක ධාන්‍ය මිල පිළිබඳව එයින් ද යම් සහනයක් ලැබෙනු ඇති.